Online class කරන දරුවන් මුහුණ දෙන Digital දරිද්‍රතාවය.

Online ක්‍රමයට පාසල් වැඩකටයුතු කිරීම සඳහා සහභාගී වීමට අද වන විට දරුවන්ට සිදු වී තිබෙන අතර මෙය දරුවන්ට මෙන්ම දෙමවුපියන්ද  මුහුණ දී තිබෙන විශාලතම අබභියෝගයක් වේ. මේ සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීමට සෑම කෙනෙකුටම එක වගේ හැකියාවක් නැත. බොහෝ විට තාක්ෂණික මෙවලම් සපයා ගැනීමට නොහැකි වීමෙන්, දෙමවුපියන් හට ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වී තිබේ. මෙය digital දරිද්‍රතාවය ලෙස හදුන්වයි. ආර්ථික මෙන්ම සමාජීය ගැටළු රැසකට මුහුණ පා තිබෙන මෙවන් අවදියක දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු ද නිසි ලෙස කළමනාකරණය කර ගැනීම අතිශය ගැටළු කාරී තත්වයකට පත් වී තිබේ. මෙම ලිපියෙන් මෙය නිරාකරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග අප ඔබට ගෙන එන්නෙමු.

1. Data කළමනාකරණය කිරීම. (Managing of data)


බොහෝ විට data කළමනාකරණය අප අතින් මග හැරෙන කරුණක් වන අතර මෙයට අවදානය යොමු කිරීමෙන් ඔබට කාලයත් මුදලුත් ඉතිරි කර ගැනීමට හැකියාව තිබේ. සමාජ මාධ්‍ය තුල වරු ගණන් විවිද දේ බෙදා ගැනීමට අප හැමෝම කැමති දෙයකි. එම නිසාම අපට කාලය හා data අපතේ යනවා නොදැනේ. නමුත් data කළමනාකරණය කර ගැනීමෙන් මෙය අවම කර ගැනීමට ඔබට හැකිය.
උදාහරණයක් ලෙස දරුවන් හට සුවිශේෂ වූ data පැකේජ තෝරා ගෙන ඒවා ඔවුන්ගේ පාවිච්චියට පමණක්ම යොදා  ගැනීමෙන් ඔබට data කලමකරණය කර ගත හැක.

2. Smart phone භාවිතය කළමනාකරණය කිරීම.


දරුවන් හට අවශ්‍ය වැඩකටයුතු කර ගැනීම සඳහා smart phone ලබා දීමේදී එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම කල යුතු කාරණයකි. බොහෝ විට දරුවන් දෙදෙනෙක් සිටින විට එක් ස්මාර්ට් උපකරණයක් තිබීම ගැටළුවක් වේ. මෙහිදී දෙමවුපියන් ලෙස ඔබ නිසි පරිදි කලසටහනක් සාදා වේලාවන් කළමනාකරණය කීරීම ඔබ සතු වගකීමකි.

3. දරුවන් හට දෙමවුපියන් ලෙස අත්වැලක් ලබා දීම.


online ක්‍රමයට පන්ති පැවැත්වීමේදී දෙමවුපියන් ලෙස එවා පිළිබද සොයා බැලීම ඔබගේ  කාර්ය භාරයක් වී. දරුවන්ගේ අධ්‍යාපන වැඩ වැඩකටයුතු වලට මැදිහත් වී ඔවුන් දිරි ගන්වා අලස බැවින් මුදවා ගැනීමට ඔබට හැකි විය යුතුය.

4. online ක්‍රමය සැමවිටම සාර්ථකද යන්න ගැටළුවක් වේ.


බොහෝ විට දරුවන් online පන්ති පවත්වන අතරතුර නිසි අවධානය පාඩම කෙරෙහි නොදක්වයි. මෙය මෙසේ වන්නේ දරුවන්ට පන්ති කාමරය තුල ඇති පරිසරය, අත්දැකීම හා අවධානය නොමැති වීම හේතුවෙනි. මේ නිසා දරුවන් online පන්ති පැවැත්වුවද එයින් ඔවුන් නිසි ප්‍රයෝජනය ලබා ගන්නවද කියා දෙමව්පියන් වශයෙන් සොයා බැලිය යුතුය.

5. අධ්‍යාපනය online ක්‍රමයට පමණක්ම සීමා විය යුතු නැත.


දරුවන් හට විවිධත්වයෙන් යුතු පුළුන් වපරිසයක සම්පුර්ණ අධ්‍යාපනයක් ලබා දීම online ක්‍රමයෙන් හැකියාවක් නොලැබේ. දරුවන්හට සමාජීය කුසලතා වර්ධනය කර ගැනීමට විවිද ඉගෙනුම් ක්‍රම යොදා ගත හැකිය. දරුවන් නිවසේ සිටියද ඔවුන්ට එදිනෙදා වැඩකටයුතු පිළිවෙලට නිම කර අලස බවින් මිදී කාර්යක්ෂම කිරීම කල යුතුය. මේ සඳහා පොත් පත් කියවීම, රචනා, පොත් ලිවීම, මෙන්ම අන් අය සමග ගවේෂණාත්මක දේවල් වල නිරත වීම, කතා බහ වලට යොමු කිරීම, එදිනෙද ගෙදර දොර වැඩ කටයුතු වලට යොමු කිරීම කල හැක. දෙමවුපියන් ලෙස අපට ඔන්ලිනේ ක්‍රමයට වඩා වැඩි දැනුමක් දරුවන්ට ලබා දීම අපගේ යුතුකමක් සහ වගකීමක් ද වේ.