අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන ආතතියේ පළමු සලකුණ දැනෙන්නේ අපේ සමට බව ඔබ දන්නවා ද? එහි ප්‍රතිඵලය ලෙස අපේ සමේ විවිධ ගැටළු පැන නැගේ . එනම් කුරුලෑ , සම දුර්වර්ණ වීම් , ඇස්යට අවපැහැ ඇතිවීම, වියළි සම සහ රැලිවැටීම වැනි දේ තුලින් මෙය මනාව දිස් වේ.
එම තත්ත්වයෙන් නිසි ලෙස මිදීමට ඔබටම සුවිශේෂ වන සම රැකගැනීමේ ක්‍රියාවලියක් තෝරාගැනීම වැදගත් වේ. අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
සමෙහි ඇති විය හැකි විවිධ වෙනස්කම් වලක්වා ගැනීමට හැකි වන්නේ ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ලබාගැනීම තුලින් පමණි. සමෙහි ඇතිවන ගැටළු හදුනා ගැනීම හා ඒ සඳහා සුදුසු පිළියම් යොදා ගැනීම ඉතා වැදගත් බව ඔබ දන්නවාද ? දැන් Vivya වෙතින් නවීන තාක්ෂණය යොදාගනිමින් ඔබේ සමෙහි ගැටළු සහගත තත්ත්වයන් හඳුනා ගැනීමටත් ඒ සදහා පිළියම් සහ යෝජනා කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.
එනම් AI(Artificial Intelligence) යොදාගනිමින් Vivya විසින් හඳුන්වා දී තිබෙන නවතම Skin Analyzer එක ඔබට මේ සදහා බෙහෙවින් උපකාරී වේ. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ එක ඡායාරූපයක් ලබාදීම පමණි. ඉන්පසු ඉතා පහසු පියවර කිහිපයකින් ඔබේ සමේ තත්ත්වය පිළිබඳව නිසි ආකාරයෙන් හඳුනා ගැනීමක් සිදුවන අතර ඔබේ සමට අවශ්‍ය මොනවාදැයි යන්නද ඔබට පහසුවෙන් හඳුනාගත හැකි වේ. නිසිලෙස සමට අවශ්‍ය පෝෂණය ලබාදීමෙන් පසුව යලිත් ඔබට සමේ තත්ත්වය නිරීක්ෂණය කර ගැනීමට මෙම AI තාක්ෂණයෙන් හැකියාව ලැබේ. එමෙන්ම මෙය නොමිලේ ලබාදෙන සේවාවකි.
Vivya Skin Analyzer එක භාවිතා කල යුත්තේ ඇයි?
- ඔබේ සමෙහි වර්ගය හඳුනා ගැනීමට ඔබට එය උපකාරී වේ
එනම් ඔබේ සම වියළි සමක්ද , මිශ්‍ර සමක්ද, තෙල් සහිත සමක්ද යන්න හඳුනා ගත හැකිය. ඔබේ සමේ වර්ගය හඳුනා ගැනීම තුලින් ඔබේ සම සදහා අවශ්‍ය නිෂ්පාදන තෝරාගැනීමට හැකියාව ලැබේ.
ඔබේ සමට සරිලන හා සම ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරයන් මෙමගින් ඔබට ලබාගත හැකිය. ඔබේ සමේ වර්ගයට සරිලන මෙන්ම වියළි හෝ කුරුලෑ වැනි විශේෂ තත්ත්වයන් සදහා ගැලපෙන නිෂ්පාදන තෝරාගැනීමට මේ තුලින් ඔබට පහසුවෙන්ම හැකිවේ.
- ඔබේ සමේ ගැටළු සඳහා අවශ්‍ය නිෂ්පාදන තෝරාගත හැකි වේ
සමේ වර්ගය හඳුනා ගත් පසු සමේ ගැටළු වලට පිළිතුරු හා ඔබේ සම සදහා භාවිත කල යුතු නිෂ්පාදනයන් මොනවාද යන්න හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස සීරම් වර්ග වැනි රාත්‍රී කාලයේ ආලේප කලයුතු ක්‍රීම් වර්ග පිළිබද ඔබට දැනගැනීමට හැකිවේ.
- තවදුරටත් සිදුවන හානි වළක්වාගත හැකි වේ
සමේ ගැටළු නිසි ලෙස හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇතිවීම වළක්වා ගත හැකිය. නිදසුනක් වශයෙන්, ඔබට විජලනය (Dehydrate) වූ සමක් ඇති බව දැන ගැනීමෙන් ඔබට සුදුසු මොයිස්චරයිසර් භාවිත කිරීම සහ අවශ්‍ය මට්ටමට ජලය පානය කිරීම මෙන්ම සමෙහි තරුණ බව රැක ගනිමින් ඉක්මනින් වයසට යෑම සහ වෙනත් සම ආශ්‍රිත ගැටළු වළක්වා ගත හැකිය.
- ඔබේ සමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව
නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් ඔබේ සමෙහි සිදුවන වෙනස නිරීක්ෂණය කිරීමේ හැකියාව එම ලින්ක් එකට පිවිස යලිත් තහවුරු කරගත හැකිය.

Vivya AI සම විශ්ලේෂකය නිවැරදිව භාවිතා කිරීමට පහත සඳහන් ලින්ක් එකට පිවිසෙන්න.
සමේ ඇතිවන පොදු ගැටළු-
සමේ ඇති විය හැකි වඩාත් සුලභ ගැටළු ලෙස සැලකෙන්නේ සමෙහි අඳුරු පැහැ ලප ඇතිවීම, සම දුර්වර්ණ වීම, තෙතමනයක් නොමැති කම , ඇස් යට අඳුරු පැහැ වීම වැනි තත්ත්වයන්ය. මෙයින් මිදීමට ඔබට ආවේනික වූ සම රැකගැනීමේ ක්‍රියාවලියක් තෝරා ගැනීම වැදගත් වේ.
සම දුර්වර්ණ වීම-
හිරු එළියට නිරාවරණය වීම, හෝමෝන වෙනස්කම් සහ වෙනත් හේතු නිසා මෙම තත්ත්වය ඇතිවේ. නයසිනමයිඩ් සහ ෆෙරුලික් අම්ලය වැනි දීප්තිමත් අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන භාවිතය, ප්‍රමාණවත් හිරු ආරක්ෂාව සහ මෘදු ස්ක්‍රබ් භාවිතා කිරීම තුලින් මෙම තත්ත්වය අවම කරගත හැකි වේ.
වියළි සම –
නිසිලෙස තෙතමනය වූ සම නිරෝගී සහ පැහැපත් වේ. විජලනය (Dehydrate), දුර්වර්ණ බව,සමේ රැලි හා වියලි සමෙහි ඇතිවන කොරපොතු වැනි තත්ත්වයන්ගෙන් මිදීමට සම හොදින් තෙතමනය කල යුතුය. ඔබේ සම හොඳින් සජලනය වීමට සීරම් හා මොයිස්චරයිසර් භාවිතා කිරීම සහ ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම වැදගත් වේ.

අඳුරු වීම සහ ඇස් යට සම එල්ලා වැටීම –
ඔබව වෙහෙසට පත් කළ හැකි හෝ වැඩිහිටි පෙනුමක් ඇති කළ හැකි පොදු ගැටළු ලෙස මෙම සම අඳුරුවීම හා ඇස් වටා සම එල්ලා වැටීම පෙන්වාදිය හැකිය. ජාන මුල් කරගෙන හෝ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් නින්ද නොමැතිකම හෝ වයසට යෑම මෙන්ම පෝෂණය රහිත ආහාර ගැනීම හා අධික හිරු රශ්මියට නිරාවරණය වීම යන කරුණු මෙම තත්ත්වයන්ට හේතුවන බව පෙන්වා දිය හැකිය. ඒ සදහා හොඳින් ජලය පානය කිරීම, හොඳ නින්දක් ලබා ගැනීම , ඇස් වටා අඳුරුවීම වලක්වාගැනීමට සුදුසු ක්‍රීම් එකක් ආලේප කිරීම , ජංගම දුරකථන භාවිතය හා පරිඝනක භාවිතය අවම කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීම තුලින් ඇස් වලට වන හානිව වලක්වා ගැනීම හා වෛද්‍ය උපදෙස් මත ඇස් කන්නාඩි පැළදීම කල හැකිය.
Vivya Skin Analyzer මේ ගැන දැනගන්න අදම පිවිසෙන්න.