නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි ඛේදවාචක සිදුවීම් බහුලව දැන් අසන්නට ලැබෙන්නේ ඇයි? මේවයින් ආරක්ෂා වී සිටින්නේ කෙලෙසද යන්න අපි මෙම ලිපියෙන් සාකච්චා කරන්නෙමු.
අද facebook හරහා මෙවැනි අනියම් සබඳතා රැසක් ගොඩ නැගී ජිවිත අන්ධ බාවයට පත් වෙමින් පවතින යුගයක අප සැවොම ජිවත් වේ. එහි ප්‍රතිපලයක් ලෙස මේ හා සමාන සිදුවීම් රැසක් අද වන විට දකින්නටත් අසන්නටත් සිදු වී තිබේ. මෙය කියවන ඔබත් මෙවැනි සම්බන්දතාවයක පැටලී සිටීමට ඉඩ ඇත.
කරන කොට රස වුවද එහි ප්‍රතිපලය අතිශය භයානක විය හැක. මෙවැනි නොගැලපෙන අනියම් සබදතා නිසා දුක් විදින්නේ මිය ගිය ඇත්තන් නොව ජිවත් වන ඔවුන්ගේ පවුලේ අයයි. ඔවුන් මින් පසු සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන්ගේ ජිවිත කඩා බිඳ දැමීම කෙතරම් අසාදාරණද?
එසේනම් මේවා වලක්වා ගන්නට අප දැනුවත් විය යුතුය. මෙම ලිපියෙන් අප ඔබට දැනුවත් වීමට කරුණු කිහිපයක් පෙන්වා දේ.
1. මෙවැනි සම්බන්දත වලින් වන හානිය පිළිබද ඔබ දන්නවද? මේවා නොකළ යුත්තේ ඇයි?ජිවිතයේ බොහෝ දේවල් මතුපිටට පෙනෙන දේ නොව, ඇතුලාන්තය බෙහෙවින්ම වෙනස්ය. මෙය කොයි දේටත් පොදුය. සරුව පිත්තල ලෝකෙක සැරිසරන බොහෝ දෙනෙකුට මෙය නොතේරෙයි. සමාජ මාධ්‍ය අතිශය ප්‍රචලිත මෙවන් පසුබිමක ඔබ මේවා තුලින් දැන හදුනා ගන්න අයගේ නිසි විස්තර සොයා ගැනීමට නොහැකි වන්නේ සිහින ලෝකවල ජිවත් වන නිසාය. සමාජ මාධ්‍ය වලින් ඉතා ලෙහෙසියෙන් මිනිසුන් රැවටීමට ලක් කල හැක. ඔබට එවැනි පුද්ගලයන් හදුනා ගැනීමටත ඔබ දක්ෂ විය යුතුය.
2.බොහෝ කාන්තාවන් සිහින ලෝක මවා ගනිමින් සමාජ ජාල ඔස්සේ හැදෙන සම්බන්ධතා විශ්වාස කරයි. මෙවැනි සබැඳියාවන් මතුපිට ලස්සනට පෙනුනද ඒවායේ ගැඹුරක් නැත. Facebook යහළු යෙහෙලියන්, මිතුරු වෙසින් පැමිණියද මේවායේ කිසිඳු යථාර්තවාදී බාවයක් නොමැත. සමාජ මාධ්‍ය විශ්වාස කර සම්බන්ධතා ගොඩ නාග ජිවිත් නිකරුනේ නාස්ති කර නොගන්නට වග බලා ගන්න.
3. දිවියේ ප්‍රයෝගික හා සාර්ථක සබඳතා වෙනුවට අතාත්වික (virtual) සබඳතා විශ්වාස කරීම කල නොහැකිය. මේ තරුණිය සමග ආදර සම්බන්දයක් පවත් වූ පෙම්වතා තම බිරිඳ, ළමයින් සහ පවුල් පසුබිම බිළිබඳ කිසිදුතැකීමක් නොකොට අතාත්වික ඩිජිටල් සිහින මාලිගා වල සැරිසරා අන්තිමේ තම ජිවිතයද එම තරුණිය ගේ ජිවිතයද අහිමි කර ගැනීමට තරම් සහාසික විය.
4. සම්බන්දත්වයක් ගොඩ නාග ගැනීමට ප්‍රථම ඔවුනොවුන්ගේ පසුබිම සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. එය නොකර රුපයට රැවටී බොරු විශ්වාස කර තමනුත් තමන්ගේ පවුලේ අයවත්, දෙමවුපියන්වත් අමාරුවේ නොදමන්නට ඔබ වග බල ගත යුතුය. ඔබ දන හදුනා ගත පුද්ගලයා විවාහක්ද?, රැකියාව සහ පුල් පසුබිම සොයා බලන්න. තාක්ෂණයත් සමග මෙවැනි දේ සොයා ගැනීම අපහසු නැත. ඒවා සොයා බල කටයුතු කිරීම ඔබේ වගකීමකි. එමෙන්ම වැඩිහිටියන් දෙන උපදෙස් නොසලකා හැර කටයුතු කිරිමෙන් මෙවැනි දේවල් වලට රැවටීමට ඇති ඉඩ වැඩි වේ.
5. ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ගොඩ නගා ගන්නා සබඳතා සිහින ලොවක් පමණය. ඒවායේ හරයක් අර්ථයක් නොමැත. එවෙලේ සැප පහසුව හා ආසාව මුල් කරගෙන කරන මෙවැනි දේවල් වලට වැඩි ආයුෂ නැත. නොගැලපෙන දේවල් ගපන්නට ගොස් අන්තිමේ තම ජිවිතයද නැති කර ගැනීමට පර කැප ගන්නේ ඇයි? මෙවැනි දේ වලින් වැලකි සිටින්න. නිතරම දෙයක් කිරීමට ප්‍රථම එහි ප්‍රතිපලය කුමක් විය හැකි දැයි සිතා බලන්න. සෑම විටම අපට ඕන විදිහට ජීවිතය රසවත්ව ගලා යන්නේ නැත. ආශාවන්ට පමණක් වහල් වී ජීවිතය නාස්ති කර නොගන්න. මේවා තේරුම් ගෙන අර්ථයක් ඇතිව ජිවත් වන්න.