බොහෝ අවස්ථා වලදි කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ලුණු භාවිතා වේ. මීට අමතරව, ලුණු යොදා ගනිමින් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින්, අච්චාරු වැනි ආහාර වර්ගද නිෂ්පාදනය කරයි.
ලුණු ආමාශ පිළිකා ඇති කරන හේතු කාරකයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඇමරිකානු පිළිකා පර්යේෂණ ආයතනයට අනුව, ලුණු අධික ලෙස ආහාරයට ගැනීමෙන් ආමාශයේ පිළිකා ඇති විය හැකිය. පිළිකා ඇතිවන්නේ ලුණු ආමාශයේ ශ්ලේෂ්මලයට හානිකර නිසා බව පර්‍රක්ෂණ වලදි සොයා ගෙන තිබේ.
ආමාශ පිළිකාවට ලෝකයේ බහුලතම පිළිකා අතරින් තුන්වන ස්ථානය හිමි වන අතර ගෝලීය වශයෙන් පස්වන වඩාත් සුලභ පිළිකාව ලෙසත් හැඳින්වේ. ආමාශ පිළිකාව ඉතා සුළු රෝග ලක්ෂණ සහිත නමුත් විශේෂඥයින් විශ්වාස කරන්නේ ජීවන රටාව සහ ආහාර වෙනස් කිරීම මගින් පහසුවෙන් වළක්වා ගත හැකි බවයි.
ජපානය සහ කොරියාව වැනි අහාර වලට ලුණු දමා කල්තබා ගැනීමේ ක්‍රම බහුලව භාවිතා වන රටවල සාක්ෂි උපුටා දක්වමින් ජාත්‍යන්තරය ලෝක පිළිකා පර්යේෂණ අරමුදල ප්‍රකාශ කරන්නේ ලුණු වැඩි ප්‍රමාණයක් සමඟ පිසන ලද මස්, මාළු සහ එළවළු මගින් ආමාශ පිළිකා ඇතිවිය හැකි බවයි.
ලෝක පිළිකා පර්යේෂණ අරමුදල විශ්වාස කරන්නේ කාලයක් පුරාවට කෙමෙන් ලුණු පරිභෝජනය අඩු කිරීම තුලින් ආමාශ පිළිකා අනුපාතය අඩු කර ගත හැකි බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය එක් පුද්ගලයෙක්ට, දිනකට ලුණු ග්‍රෑම් 05ක් (තේ හැඳි 01ක්) ශරීර ගත කිරීම නිර්දේශ කරයි. කෙසේ වෙතත්, සැකසූ ආහාර භාවිතය වැඩිවීමත් සමඟ, වැඩි වැඩියෙන් ලුණු අඩංගු ආහාර පරිභෝජනය කරන පුද්ගලයින් ප්‍රමාණය ඉහළ යයි.
නිර්දේශිත සාමාන්‍ය දෛනික පරිභෝජන අනුපාතය වන ග්‍රෑම් 05 (තේ හැඳි 01) මෙන් දෙගුණයක් ලුණු ශ්‍රී ලංකාවේ පරිභෝජනය වෙයි. මේ නිසාම සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ දෛනික ලුණු පරිභෝජනය අඩු කරන ලෙසය.
ශ්‍රී ලංකාව 2025 වන විට ලුණු පරිභෝජනය 30% කින් අඩු කිරීම ඉලක්ක කර ගනිමින් ජාතික ලුණු අඩු කිරීමේ වැඩ පිලිවෙලක් පවත්වාගෙන යයි. එය තුලින් ලුණු භාවිතයේ සැලකිය යුතු වෙනස්කම් සිදු කරන ලෙස ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර ඒ සම්බන්දයෙන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද දියත් වේ.
ලුණු ආහාරයට ගැනීමද රස තේරීම මත පදනම් වේ. යම් කාල සීමාවක් තුළ ඔබේ ලුණු ප්‍රමාණය අඩු කිරීමට ඔබට හැකි නම්, ඔබේ රස අංකුර අඩු ලුණු මට්ටම්වලට හුරු වී, අර්ථවත් ආහාර වෙනස්කම් කිරීමට ඔබට හැකිවනු ඇත.
අපගේ දෛනික ආහාර වේලෙහි ලුණු ප්‍රමාණය අවම කිරීම ක්‍රමානුකූල මෙන්ම වැදගත් වෙනස්කම් සමඟ පහසුවෙන් කළ හැකි අතර එවන් අදහස් කිහිපයක් මෙන්න.
- කුළුබඩු, සුදුළූණු සහ දෙහි වැනි වෙනත් විකල්ප තෝරාගන්න. එම කුළුබඩු වල පිළිකාවලට එරෙහිව සටන් කරන ෆයිටොනූට්‍රියන්ට් අඩංගු වේ.
- ආහාර සඳහා නැවුම් අමුද්‍රව්‍ය භාවිතා කරන්න, කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ලුණු භාවිතය අවම කරන්න.
- බත් පිසින විට ලුණු එකතු නොකරන්න. අනෙකුත් කෑම වර්ගවල ලුණු බත් වලට අනුපූරක විය හැකිය.
- බොහෝ විට ලුණු විශාල ප්‍රමාණයක් අඩංගු සූදානම් කළ මිශ්‍රණ භාවිතා නොකර, සලාද සඳහා අවශ්‍ය සෝස් වර්ග ඔබ ගෙදෙරදීම පිළියෙළ කරගන්න.
- එක් වරකට ලුණු 200mg අඩංගු නිෂ්පාදන සහ කෑම වර්ගයන් තෝරා ගැනීමෙන් වලකින්න.
- ගෙදරින් බැහැරට ගොස් ආහාර ගැනීමේදී ලුණු මට්ටම ගැන සැලකිලිමත් වන්න.
- ඔබේ ඉවුම් පිහුම් සඳහා සෑම විටම ලුණු අඩුවෙන් එක් කරන්න. අවශ්‍ය නම් පසුව වැඩි කරන්න.
- ක්‍රම ක්‍රමයෙන් ආහාර පිසීමේදී භාවිතා කරන ලුණු ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කරන්න.