BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා ඔබ දන්නවද? මෙම ලිපියෙන් ඔබව මේ පිළිබද අපි දැනුවත් කරන්නෙමු.
BDSM යන වචනයට සිංහලෙන් නිශ්චිත අර්ථයක් නොමැත. එයින් කියවෙන්නේ
B – Bondage
D -discipline
S – submission
M- masochism
1.මොකක්ද මේ BDSM ?
BDSM යනු ලිංගික ක්‍රියාවලියක් පමණක්ම නොවේ. මෙය එම ක්‍රියාවලිය කරන පුද්ගලයා, අනෙක් පුද්ගලයාට පහර දීමක්, මාංචු දැමීමක් වැනි විවිධාකාරයේ ක්‍රම මගින් වේදනාවක් ඇති කරයි. නමුත් මෙයින් එම පුද්ගලයාට වේදනාවක් ලැබුනද එය පීඩාකාරී නොවේ. එය ඔවුන්ට ලිංගික උත්තේජනයක් වේ.
2.එය ලිංගික එක් වීමක්ද?
BDSM ලිංගික එක් වීමක් වන්නේ නැත. එයට මුලික පදනම වන්නේ යටත් කර ගැනීමත්, පහර දීමත්, වද දීමත්, අනෙකා වේදනාවට පත් වීම බල හිදිමත් වැනි අංගයන්ය. මෙම ක්‍රියාවලිය ලිංගික එකතු වීමෙන් අවසන් වන්නේ නැත. බොහෝ විට මෙය තම සහකාරිය හෝ සහකාරයා සමග නොව පිටස්තර කෙනෙක් යොදා ගැනීමෙන් ආශ්වාදයක් ගැනීමට වැඩි නැඹුරු තාවයක් දක්වයි.
3.එය අපචාරයක්ද? අපරාදයක්ද?
එය ලිංගික, ශාරීරික හිංසාවක් මෙන් පෙනුනද එය කරන පුද්ගලයට මෙය එසේ දැන්නේනේ නැත. නමුත් මෙය භායනක අත්දැකීම් වලට මුහුණ පාන්නට සිදු වීමට ඇති ප්‍රවණතාවය ඉතා වැඩිය. මෙයින් ඔබ ප්‍රවේශම් විය යුත්තේ, මෙවැනි BDSM ක්‍රම මගින් විවිධාකාරයේ මරණ වාර්තා වී ඇති නිසාය.
4.ලංකාවේ මෙය ප්‍රචලිත ද?
ඔව්.මෙය ලංකාවේ මේ වනවිට ප්‍රජලිත ලිංගික ක්‍රියාවක් වී හමාරය. එමෙන්ම මෙම සේවාවේ යෙදෙන තරුණියන්ද බහුලව සමාජ ගත වී ඇත. කාන්තාවන් මෙන්ම පුරුෂ පක්ෂයද මේවා කරන අතර මේවා සඳහා වෙන් වූ මද්‍යස්ථාන ද ප්‍රචලිතව තිබේ. ඔවුන් මේවා සඳහා විශාල මුදලක් අය කරන අතර මේවයින් සමාජ රෝගද පැතිරීමේ අවදානමක් පවතී.
5.මෙහි යෙදීම සුදුසුද?
මෙය අන්තවාදී ලිංගික හැසිරීමක් ලෙස සැලකෙන් අතර, මෙය සාමාන්‍ය ලිංගික ජිවිතයට සුදුසු නැත යන්න අපේ අදහසයි. මෙයින් මානසිකව මෙන්ම ශාරීරිකව ද පිඩාවට හා හිංසනයට පත් වේ. එපමණක් නොව මෙහි අන්තයට යෑමේ ප්‍රතිපලයක් ලෙස මානසික හා ශාරීරික අතුරු අබාධ වලටද මුහුණ පෑමට සිදු වේ.
මතක තබා ගන්න ඔබ මෙයට අකමැති නම්, එහි දීම අවශ්‍ය නැත. තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය බලපෑම් කල පමණින් මෙහි යෙදීම නොකළ යුතුය. විශේෂයෙන්ම BDSM මගින් ජිවිත හානි වාර්තා වී ඇති මෙවන් සමයක ඔබ මෙය පිලිබඳ දැනුවත් වන්න. ඔබට යම්කිසි කෙනෙක් අනවශ්‍ය ලිංගික ක්‍රියා වලට බලපෑම් සිදු කලොත් ලගම ඇති පොලිසියට දැනුම් දෙන්න. ලංකාවේ නිතිය අනුව මෙවැනි දේවල් නීතියෙන් තහනම් වේ. එය අපරාදයක් ලෙස සලකනු ලැබේ.