නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.

Celebrate Christmas by preparing and serving this delicious dish.

උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඕබේ ඔබේ නත්තල් කෑම මේසය හැඩ කරන්න අපි හිතුවා. මේ සීතල නත්තල් උත්සව සමයේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රය කරන්න නත්තල් කෑම මේසයට මේ ආහාර වට්ටෝරු සකසා බලන්න. පවුලේ හැමෝම එකතු වෙලා මේ නත්තලේ මිහිර විඳින්න.

කුකුළු මස් මිශ්‍ර බත

chicken rice

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් ග්‍රෑම් 750ක්
  • බාස්මතී හෝ සම්බා හාල් කිලෝ ග්‍රෑම් 1ක්
  • සිහින්ව කපාගත් සුදු ලූනූ, ඉඟුරු මේස හැඳි 1ක්
  • සිහින්ව කපාගත් ලූනූ ගෙඩි දෙකක්
  • කරදමුංගු 4-5ක්
  • කරාබු නැටි 3ක්
  • රම්පා, කරපිංචා
  • සේර
  • තක්කාලි ගෙඩි 2ක්
  • ලුණු රස අනූව
  • මාගරින් මේස හැඳි 4ක්

සාදන ක්‍රමය

කුකුළු මස් තරමක කැබලි කපා බත පිසගත හැකි ප්‍රමාණයට වතුර එක්කර තම්බා ගන්න. මේ වතුරට කරදමුංගු කරල් 2 – 3ක්, කරාබු නැටි 2ක් පමණ ද දමන්න. මස් තැම්බුණු පසු වතුර පෙරා මස් හා වතුර වෙනම තබන්න. හාල් ද සෝදා වතුර බේරෙන්න තබන්න.

භාජනයක් ගෙන මාගරින් රත්වෙන්න තබා බාගෙට රත්වෙද්දී රම්පා, කරපිංච, සේර, කුරුඳු පොතු කෑල්ලක්, කරාබු නැටි සහ කරදමුංගු දමා යන්තම් බැදෙන විට හීනියට කපාගත් ඉඟුරු සුදුලූනූ දාන්න. ඒ ටික ද යන්තම් රන්වන් පාටට බැදෙන විට කපාගත් බී ලූනූ ද දමන්න. තක්කාලි පොඩියට කපා එයටම දමා කලවම්කර සියල්ල යන්තම් බැදීගෙන එද්දී දිය බේරාගත් සහල් එකතු කරන්න. ලුණු තේ හැඳි 2ක් ද දමා බත ඉදීමට සෑහෙන ප්‍රමාණයට මස් තැම්බූ වතුර එක්කර බත උයා ගන්න.

ඉන්පසු තම්බාගත් මස් කැබලිවලට ලුණු ගම්මිරිස්, අතගා දිග ඉරටු කැබලිවලට ඒ මස් කැබලි අමුණා බැද ගන්න.

බැදුණු පසු තෙලෙන් ගෙන තක්කාලි සෝස් එක්කරන්න.

උයාගත් බත් දීසියක අතුරා මස්කූරු බත උඩින් ලස්සනට තබා පාස්ලි තබා සරසා ගන්න.

බැටර් කරගත් මාළු

batter fish

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් මාළු ග්‍රෑම් 300ක්
  • ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු තේ හැඳි 1/2 බැගින්
  • බැටරය සඳහා
  • පාන් පිටි මේස හැඳි 3ක්
  • කෝන් පිටි මේස හැඳි 6ක්
  • බේකිං පවුඩර් තේ හැඳි 1ක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • මිරිස් කුඩු තේ හැඳි 11/2ක්
  • වතුර කෝප්ප 1/2ක්
  • අවශ්‍ය නම් බිත්තර සුදු මදයක්
  • තල ඇට මේස හැඳි 1ක්

සාදන ක්‍රමය

මාළු තීරු කපා ලුණු, ගම්මිරිස්, කහ, මිරිස් කුඩු අතගා තියාගන්න. පාන් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, ලුණු, මිරිස් කුඩු, බිත්තර සුදු මදය එකට එක්කර වතුර කෝප්ප 1/2ක් දමා දියාරූ පිටි මිශ්‍රණයක් හදාගන්න. තල ඇට මේස හැන්ද ද මෙයට එක්කරන්න.

මාළු කෑල්ල බැගින් ගෙන සාදාගත් පිටි බැටරයේ තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැඳගන්න.

පිපිඤ්ඤා, තක්කාලි සහ අන්නාසි ලොකු කැබලි කපා ලුණු, ගම්මිරිස් කුඩු සහ විනාකිරි දමා සලාදයක් සකසා ඒ මත බැටර් කරගත් මාළු තබා පිළිගන්වන්න.

කජු මිශ්‍ර හතු බැදුම

cashew nut with mushroom

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු පැකට් එකක්
  • කජු ග්‍රෑම් 100ක්
  • බිත්තරයක්
  • කෝන් පිටි ස්වල්පයක්
  • සිහින්ව කපාගත් සුදු ලූනූ, අමු ඉඟුරු තේ හැඳි 1ක්
  • චිලී පේස්ට් මේස හැඳි 1ක්
  • වතුර හෝ ස්ටොක් කෝප්ප 1 1/2ක්
  • සෝයා සෝස්
  • මේස හැඳි 1ක්
  • සීනි මේස හැඳි 1ක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • කෝන් පිටි මේස හැඳි 1ක්

සාදන ක්‍රමය

හතු සෝදා වතුර මිරිකා හැර දිගැටි තීරුවලට ඉරා ගන්න. තට්ටු කරගත් බිත්තරයේ මේ හතු කැබලි දවටා ඉන්පසු කෝන් පිටි ද දවටා ගැඹුරු තෙලේ රන්වන්පැහැ

වනතුරු බැදගන්න. කජු ද ගැඹුරු තෙලේ බැදගන්න.

බඳුනකට තෙල් මේස හැඳි 2 -3ක් දමා රත්වන විට සුදු ලූනූ, ඉඟුරු තෙලට දාන්න. එය යන්තම් බැදුණු පසු චිලී පේස්ට් මේස හැඳි 2 සහ හදාගත් සෝස් මිශ්‍රණය දාන්න. මෙය උකු වූ පසු හතු සහ කජු එකතු කරගන්න.

දැල්ලෝ ඩෙවල්

food

අවශ්‍ය ද්‍රව්‍ය

  • දැල්ලෝ ග්‍රෑම් 500ක්
  • රතු ලූනූ ගෙඩි 3ක්
  • සුදු ලූනූ බික් 5ක් පමණ
  • මාළු මිරිස් ග්‍රෑම් 200ක්
  • තක්කාලි ලොකු ගෙඩි 3ක් පමණ
  • චිලී සෝස්
  • සේර
  • රම්පෙ
  • කරපිංචා
  • කෑලි මිරිස් තේ හැදි 3ක්
  • තෙල් ස්වල්පයක්
  • රස අනූව ලුණු

සාදන ක්‍රමය

දැල්ලන් සෝදා පිරිසුදු කරගෙන රවුම් කපාගන්න. එයට වතුර හා ලුණු දමා තැම්බෙන්න හරින්න. භාජනයක් ගෙන එයට අවශ්‍ය පරිදි තෙල් දමා රත් කර කාපාගත් ලූනූ, තළාගත් සුදු ලූනූ, රම්පේ, කරපිංචා, සේර දමා තෙම්පරාදු කරගන්න.

හොඳින් තෙම්පරාදු කරගත් පසු එයට තම්බාගත් දැල්ලන් එකතු කරන්න. එයටම කපගත් මාළු මිරිස්, තක්කාලි හා කෑලි මිරිස් එක් කරගන්න.

එයටම රස අනූව චිලි සෝස් හා ලුණු දමා ළිපෙන් බාගන්න පිළිගන්වන්න.

ඔබගේ කෑම මේසයට තවත් රසවත් කෑම වට්ටෝරු දැනගන්න පිවිසෙන්න අපගේ වෙබ් පිටුවට.