කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය” ( ධම්ම පදය සහශ්‍ර් වග්ගය 13)
ධෛර්ය සම්පන්න වීම අප විසින්ම තීරණය කළ යුත්තකි. නැතහොත් අපගේ ජිවිත ශක්තිමත් කර ගත යුත්තේ අපමය අපගේ ජිවිත ශක්තිමත් කිරීමට නම් මුලින්ම කලයුත්තේ අපගේ සිත ශක්තිමත් කර ගැනීමයි
සිත ශක්තිමත් කළ හැක්කේ කෙසේද?
සිත ශක්තිමත් කිරීමට සාර්ථක මග නම් බිය නැති කිරීමයි
බිය නැති කල හැක්කේ කෙසේද?
මෙළොව පවතින කිසිම දේකට බිය විය යුතු නොවන බව ධාරණය කළ යුතුය. මම කිසි දේකට බිය නැත යන්න නිතර නිතර පැවසීම හා මෙනෙහි කිරීම මගින් හා ඒ අනුව හැසිරීම හා විශ්වාසය ඇති කර ගැනීම මගින් බියෙන් මිදීමට හැක එසේම බොහෝ පුද්ගලයෝ තමා ගැන සිතන්නේ දුර්වල අය ලෙසටය
තමාගේ හැකියාව හෝ බලය පිළිබඳව අවතක්සේරු කරති. පුද්ගලයා අවිශ්වාසය මත පදනම්ව සිතනුයේ තමා නොවටිනා පුගලයෙකු ලෙසයි. නමුත් මෙවැනි අවස්ථාවක අප අවබෝධ කර ගත යුතු කරුණ නම් අප මේ ලෝකයට ඉපදී ඇත්තේ යම් හේතුවක් නිසා බවයි.එම හේතුව නම් අප මේ ලෝකයට අවශ්‍ය පුද්ගලන් බවයි.
තමා අවතක්සේරු නොකර ගන්න
අනවශ්‍ය ලෙස සංවේදී නොවෙන්න
සැබෑ ධෛර්ය ඇති කර ගන්න
මෙහිදී සැබෑ ධෛර්ය ඇති කර ගැනීමට පළමු මග තා තමාට අවංක වීමත් පසුව තමා අනුන්ට අවංක වීමත් කළ යුතුය එම අවංක බව නිසා ගොඩ නැගෙන ආත්මවිශ්වාසය මත ඔබගේ බිය නැති වීම සිදු වේ
සැම විටම ඉගන ගන්න
පොත් පත් කියවීම තුලින් ඔබ බිය වී අදුරු ලොවක සිටී නම් එයින් මිදීමට හැකිවනු ඇත. ඔබ වයස අවුරුදු 65ක පුද්ගලයෙක් වුවද වර්තමාන විශ්ව විද්‍යාල මගින් ඔබට විවිධ පාඨමාලා හැදෑරීමට වරම් ලබා දී ඇත. ඉගැනීම තුලින් ඔබ ශක්ත්මත් වේ උත්සහාවන්ත පුද්ගලයන් ගැන ඔබ කියවන්න
අන් සියල්ලටම වඩා ඔබ ඔබ කෙරේ විශ්වාසය තබන්න මේ ලොව තුල කිරීමට නොහැකි කිසිවක් නොමැති බව සිතමින් ඔබගේ සිතුවිලි වලට ප්‍රාණය දෙන්න බලය සපයන්න. බලය ඇත්තේ ඔබ තුළමය විශ්ව ශක්තිය අපේ ස්වභාදහම කෙරේ විශ්වාසය තබන්න. මතුවන බාධා තුල නිරතුරුව බලාපොරොත්තුව තබන්න.
“තට්ටු කරන්නාට දොර ඇරෙණු ඇත. සොයන්නට සම්බ වෙනු ඇත. ඉල්ලන්නාට ලැබෙනු ඇත ( බයිබලය මතෙව් 7.7)