Skip to content
Liya.lk
  • මුල් පිටුව
  • දැනුම් පොත
    • ලස්සන පවුල
    • සෞඛ්‍ය
    • මානසික සෞඛ්‍ය
    • මව සහ දරුවා
    • රසලිය
    • කුස්සිය
    • රුවලිය
    • හැඩට අඳිමු
    • ආකල්ප වෙනස් කරමු
  • Sponsored
  • ලිය කතාබහ
  • ලිය ගැන
  • කතා කරන්න
Search
Let's Talk
Let's Talk
Liya.lk
Search

කොමර්ෂල් බැංකුව අනගි කාන්තා ගිනුම් හිමි පාරිභෝගිකයින් සඳහා සුවිශේෂ ප්‍රතිලාභ රැගත් රක්ෂණ සේවාවක් සපයයි

/ Uncategorized / By editor

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා සුවිශේෂ සේවා සපයන බැංකුවක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව කවදත් කාන්තා ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතාවලට සරිලන සේවා ලබා දෙන ප්‍රමුඛයා ලෙස අති විශාල කාර්‍යභාරයක් ඉටු කරමින් සිටියි.

ආකර්ශනීය පොලී අනුපාතයක් යටතේ අනගි ගිණුම් හිමියන් සඳහා පුද්ගලික ණය ලබා දීම සහ විශේෂ රක්ෂණ ක්‍රමයක් මෙයට ඇතුළත් වේ.

 

Anagi ගිණුම් හිමියන් සඳහා පුද්ගලික ණය සේවා –

 

ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන ශක්තිමත් කාන්තාවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ අනගි ගිණුම හරහා සේවා සපයයි.

 

අනගි ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතයේ  වැදගත් අවස්ථා සහ වෙනත් අවශ්‍යතාවයන් සදහා සුවිශේෂී පුද්ගලික ණය යෝජනා ක්‍රමයක් පිරිනමයි.

 

එම ණය ක්‍රමවේදය තුලින් නිවසක් වැනි ආයෝජනයක්, මංගල උත්සවයක් හෝ පැන නගින වෙනත් පුද්ගලික අවශ්‍යතා සදහා ණය ලබාගත හැකිය.

 

පුද්ගලික ණය සඳහා නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම රැකියාවල යෙදී සිටින ක් සහ විශේෂ ආකර්ශනීය පොලී අනුපාතයක් පිරිනමයි.

 

මෙමගින් ශ්‍රී ලංකාවේ රැකියාවල යෙදී සිටින කාන්තාවන්ට රුපියල් මිලියන 01 දක්වා ණය ලබා ගත හැක.

 

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 011 2 353 353 අමතන්න

 

කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව

අනගි ගිණුම් හිමියන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් –

 

අනගි ගිණුම් හිමියන්ගේ බැංකු අවශ්‍යතාවලට වටිනාකමක් එක් කරන විශේෂ දිරිගැන්වීමක් ලෙස, බැංකුව දැන් සියලුම කාන්තා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය වාරික සමඟ රක්ෂණ සේවාවක් හදුන්වා දී තිබේ.

 

අනගි රක්‍ෂණ සේවාව යටතේ, ගිණුම් හිමියාගේ කලත්‍රයාට, දේපළවලට සහ සේවකයන්ටද රක්ෂණ ආවරණය ලබා ගත හැක.

 

මේ සදහා වෙළෙඳපොළ තුළ ඉතා තරඟකාරී වාරික ප්‍රතිලාභ එක්කොට තිබෙන අතර පාරිභෝගිකයාට සුවිශේෂී වටිනාකමක් මෙමගින් ලබා ගත හැක.

 

ධෛර්යවන්ත  කාන්තාවන්ට  පිදෙන  සුවිශේෂි  තිලිනයක්  වන අනගි රක්‍ෂණ සේවාව සරල ක්‍රියාවලියක් සමඟින් සියලුම  කාන්තා පාරිභෝගිකයන් සඳහා විවුර්තයි.

ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?

අනගි සාමාන්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය –

LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් නිවාස රක්ෂණ සඳහා වාණිජ රක්ෂණ  නියෝජිතයන් හරහා පිරිනැමෙන සාමාන්‍ය රක්ෂණය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පිරිනැමෙන වාණිජ කටයුතු පැකේජය සුවිශේෂ ගාස්තු යටතේ ලබා ගත හැක.

 

වැඩි විස්තර සඳහා කරුණාකර 0773887156 හෝ 0117600616 ඔස්සේ මංජුල විදානගේ මහතා අමතන්න.

 

අනගි ජීවිත රක්‍ෂණ යෝජනා ක්‍රමය –

 

රුපියල්  මිලියන  01  සිට  රුපියල් මිලියන 05 දක්වා වටිනාකමක් ඇති AIA ඉන්ෂුවරන්ස් වෙතින් අනගි බැංකු රක්ෂණය හරහා පිරිනැමෙන ජීවිත රක්ෂණයක් ද ඇත. වයස අවුරුදු 18,45 සඳහා, රුපියල් මිලියන 01 ක රක්ෂණාවරණයක් සඳහා වාර්ෂිකව රුපියල් 1,100.00 ක වාරිකයක් සහ සහකරු හෝ සහකාරිය සඳහා රුපියල් 1,500.00 ක වාරිකයක් ලබා ගත හැකිය.

 

වයස අවුරුදු 46-65 සඳහා, වසරකට රුපියල් 2,200.0 ක වාරිකයක් සහ කලත්‍රයා සඳහා රුපියල් 2,750 ක් පිරිනමනු ලැබේ.මෙම වාරික රු මිලියනයකට අදාල වන අතර ඊට වඩා වැඩි මුදලකට අවශ්‍ය නම් ලබා ගත හැක.

 

එනම් රු මිලියන 02 සදහා රු 2,200 ක වාරිකයක් ලෙසය. රුපියල් මිලියන 2 ක් දක්වා රක්ෂිත මුදල සඳහා ඇතුළත් වීමේ වයස අවුරුදු 65 දක්වා ප්‍රතිරක්ෂණ (underwriting) අවශ්‍ය නැත .

ඔබේ කුඩා ව්‍යාපාරය ගොඩ නැගීම සඳහා කුඩා ව්‍යාපාර අත්වැල අපෙන් – අදම සම්බන්ධ වන්න

රුපියල් මිලියන 2.5 දක්වා රක්ෂණ ආවරණයක් සඳහා වයස අවුරුදු 45 දක්වාද ඇතුළත් වීමේ ප්‍රතිරක්‍ෂණයක් අවශ්‍ය නොවේ.

 

කෙසේ වෙතත්, රුපියල් මිලියන 2.5 සිට මිලියන 05 දක්වා රක්ෂිත මුදල සඳහා, වයස අවුරුදු 46 සිට 65 දක්වා වයස් කාණ්ඩය සඳහා අවශ්‍ය යහපත් සෞඛ්‍ය ප්‍රකාශයක් (ස්වයං ප්‍රකාශයක්) සැහේ. මේ සඳහා සුවිශේෂී ගාස්තු ක්‍රමවේදයක් ලබා දීමට කටයුතු කර ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 011 2 353 353 අමතන්න.

 

← Previous Post
Next Post →

Related Posts

ළමා මනසේ සංවර්ධන අවධි

ඔබේ සිඟිත්තාගේ පෞරුෂය වර්ධනය කරන්නේ කෙසේද?

  • About
  • Cart
  • Checkout
  • Contact
  • Home
  • My account
  • Podcasts
  • Sample Page
  • Shop
  • ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමු.
Let's Talk
Let's Talk

Sign up to receive email updates, fresh news and more!

Copyright © 2025 Powerd By Communica Solutions