සෘජු විකුණුම් ක්ෂේත්‍රය 2022 වසරේදී ව්යවසායකයින් සඳහා වැඩි වර්ධනයක් ගෙන එනු ඇත\” – Global Lifestyle Lanka සමාගම පවසයි.

ව්යවසායකත්වය බොහෝ විට සාර්ථකත්වයේ දොරටුව ලෙස සැලකේ, විශේෂයෙන්ම පශ්චාත් කොරෝන කාලය තුළ, ප්රජාව වැඩි වශයෙන්   නම්යශීලී වේලාවන් සහ ව්යවසායකත්වය තෝරා ගන්නා අතරතමන්ගේම   ප්රජාවන් තුළ ව්යාපාරයක් ගොඩනගා ගැනීමට  සෘජු විකුණුම් වැනි අංශ කෙරෙහි  අවධානය  යොමු  කරනු ලැබේ.

 ඍජු විකුණුම්  ක්ෂේත්රය තුලින් ආර්ථික ස්වාධිනත්වය හඳුන්වා දෙන අතර  ඔවුන් ව්යවසායකයින් ලෙස බල ගන්වමින් ඔවුන්ගේ වර්ධනයට සහය වන බව Global Lifestyle Lanka සමාගම පවසයි.

ලොව පුරා සෘජු විකුණුම් ක්ෂේත්රයේ  වැඩි නියැලීමක් සහ ව්යාප්තියක් දක්නට ලැබෙන අතර එය  වේගයෙන්ම වර්ධනය වන අංශයක් ලෙස පිළිගනු ලැබේආසියා පැසිෆික් කලාපය  එහි ඉහළම වර්ධනය හා ව්යාප්තිය වාර්තා කරන අතර . දකුණු ආසියාවේද සීග් ලෙස ව්යාප්ත වන බව  පෙනුම් කරයිඉන්දියාවේ මිලියන 05කට අධික  පිරිසක් මෙම ක්ෂේත්රයේ ව්යාපාරික කටයුතු වලට   සෘජුවම  සම්බන්ධ වී සිටින අතර  දිනකට  800 ක් පමණ අලුතෙන්  එක් වන බවද වාර්තා වෙයි.

COVID-19වසංගත   තත්ත්වය නිසා බිඳ වැටුණු ආර්ථික පරිසරය තුළ, රැකියා අවස්ථා සහ  ආදායම් මාර්ග ඇනහිටීම  නිසා  ස්වයං රැකියා අවස්ථා බිහි කිරීම වඩාත්ම සුදුසු විකල්පයක්   ලෙස පිළිගනු ලැබේ. එබැවින්  හරහා  ව්යවසායකත්ව අවස්ථා ඇතිකර  ප්රජාව ගොඩනැඟිය යුතු බව Global Lifestyle Lanka සමාගම විශ්වාස කරයි.   ව්යවසායකත්ව ගමන ආරම්භ කිරීමට අපි පුහුණුව සහ  අවශ් සම්පත් සපයන්නෙමු; අපගේ සහයෝගය සහ මගපෙන්වීම ඇතිව, බොහෝ දෙනෙක් දැනටමත් මේ ගමන ආරම්භ කර ඇති අතර මේ වන විට ඔවුන් සාර්ථක  ව්යවසායකයින්ද  බවට පත්වී ඇත

 

සෘජු විකුණුම් ක්ෂේත්රය  ව්යවසායකයා බල ගන්වන අතර, පාරිභෝගිකයා සමඟ සෘජු සබඳතාවක් ගොඩනඟා ගැනීමට සහ  විශ්වාසය දිනා ගැනීමට   උපකාරී වේඅර්ධ සහ පූර්ණ කාලීන  ලෙස ගෝලීය වශයෙන් මිලියන 100කට අධික පිරිසක්  මෙම ක්ෂේත්රයේ    නියැලෙන අතර ප්රජාවට සහ ආර්ථිකයට වටිනාකමක් එක් කරමින් ලොව පුරා සීග් ලෙස ව්යාප්ත වෙමින්  පවතියි.