2023 දී ඔබ අත් හැරිය යුතු නරක පුරුදු මොනවාද?

වසරක අවසානයට අප පැමිණ ඇත. කොවිඩ් වසංගතය හමුවේ නරක පුරුදු මෙන්ම අත් හැරිය යුතු පුරුදු අපගේ ජීවිතවලට එකතු වී ඇත. 2022 වසර අවසානයේදී 2022 වසරෙන් යහපත් දේවල් පමණක් 2023ට රැගෙන යමින් නරක පුරුදු අත් හරිමින් ගමන් කරන්නට අපි වග බලාගමු.

  1. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර නොගැනීම
    කොවිඩ් වසංගතය හමුවේ නිවසේ රැදී සිටි කාලය තුළදී අප ආහාර වැඩිපුර අනුභව කිරීමට යම් යම් විදියට පුරුදු වන්නට ඇති. නමුත් එය යහපත් පුරුද්දක් නොවේ.අපගේ ආහාර රටාව නිසිලෙස පවත්වාගෙන යාම අපගේ ශරීර සෞඛ්‍යට මනා වැදගත් දෙයකි. 2023 දී අපට ශරීරයට හිතකර මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර ලබා ගැනීමට පුරුදු වීම යහපත් වෙයි.
  2. අනවශ්‍ය දේ එක්රැස් කිරීම
    අනවශ්‍ය දේවල් අනවශ්‍ය විදියට එක්රැස් කිරීම එතරම් යහපත් කටයුත්තක් නොවෙයි. තමන්ට එදිනෙදා හෝ දින කිහිපයකට අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි රැස්කර තබා ගැනීම ප්‍රමාණවත් වේ. එමනිසා 2023 දී අවශ්‍ය දේ පමණක් එක්රැස් කරතබා ගැනීමට පුරුදු වෙමු.
  3. හැකි මට්ටමින් කෙනෙක්ට උපකාර කිරීම
    මෙය අප සෑම කෙනෙක්ටම කළ හැකි දෙයකි. මුදල්මය අතින් නොහැකි වුවත් අපට හැකි අයුරින් තවත් කෙනෙකුට උපකාරයක් කිරීමට 2023 දී අමතක නොකරමු. අපගේ ශ්‍රමය, කාලය වැනි දේවල් කැපකරමින් අපිට අනෙකාට උපකාරයක් විය හැකිය. මෙය අපි කවුරුත් හොදින් මතක තබා ගත යුතුය.
  4. අනවශ්‍ය දේවල් ඔළුවේ තබා ගන්නේ නැතුව ජිවත් වීම
    අනවශ්‍ය තරහා, වෛරය, ඉරිසියාව වැනි හැගීම් අමතක කරමින් 2023 දී අලුත් හා යහපත් හැගීම් වලින් හදවත පුරවාගෙන ගමන් කිරීමට සිතා ගත යුතුය. එය ඔබගේ මානසික සෞඛ්‍යටද හිතකර වෙයි. පරණ කෝන්තර අමතක කරමින් අලුත් විදියට නව වසර ආරම්භ කිරීමට යුහුසුළු විය යුතුය. ඒවා මනස තුළ රදවා ගැනීමෙන් පලක් නොමැත එමනිසා යහපත් සිතුවිලි සමග නව වසර ආරම්භ කිරීමට අදිටන් කරගන්න.
  5. හැම නව වසරක්ම ආරම්භයක් බව සලකන්න
    ඔබගේ සියලු දුර්වලකම්, අසමත්වීම්, බලාපොරොත්තු කඩ වීම් ගැනම තවත් සිතමින් නව වසරට පා තබන්නට එපා. අලුත් බලාපොරොත්තු, අලුත් සිතුවිලි, අලුත් දේවල් වලින් ඔබගේ මනස පූර්ණ කරගෙන අලුත් ලෙස ඔනගේ නව වසර ආරම්භ කරන්න. වසර අවසානයේ ඔබට මහත් ප්‍රීතිමත් මතක රාශියක් එවිට ඉතිරි වනු ඇත.