මුඛීය අවධිය ( The oral stage )
උපතේ සිට පළමු වසර ගෙවෙන තෙක් ළදරුවා ක්‍රියාත්මක වන්නේ මුඛය මුල්කරගෙන වේ. අත් පා එතරම් ශක්තිමත් නොවූ නිසා ළදරුවා කෙරෙහි සමාජයට සම්බන්ධ වන්නාවූ එකම මාර්ගය මුඛයයි. මෙහිදී කිරි උරාබීම මෙන්ම විවිධ දේ මුඛයට ඇතුල් කරගැනීමෙන් ළදරුවා තෘප්තිය ලබයි. මෙහිදී මව හෝ බාහිර උපස්ථායිකාවන් විසින් ළදරුවා බලාගන්නා නිසා තම චර්යාව පාලනය වන අතර ළදරුවා හික්මීම ලබයි. එහෙත් මුඛීය අවධියේදී ළදරුවාගේ මුඛය ආශ්රිත කටයුතු අධික ලෙස පාලනය කිරීමෙන් හෝ නොසලකා හැරීමෙන් අසාමාන්‍ය චර්යා සහිත පුද්ගලයෙකු බවට පත්වන බව ෆ්රෙයිඩි සඳහන් කරයි.
වැඩිවියට පැමිණ නියපොතු හැපීම, දුම්බීම, බුලත්විට සැපීම, හෝ දැඩිලෙස අක්‍රමණශීලි ක්‍රියාවන් හි මුලාරම්භය ළදරුවාගේ මුඛීය අවධිය තෘප්ත කර නොගැනීම හේතුවේ. තවද ගත යුක්ත නම් ඔබ ඔබේ දරුවාට අවශ්‍ය පමණ මව්කිරි ලබාදීම හා කිරි දත්වල හැපීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානයෙන් සිටීමයි.
පායුක අවධිය (The Anal Stage)
ළදරුවා ඉපදී පළමු වසරින් පසු ශරීරයේ ප්‍රධානතම මනෝලිංගික කලාපය හෙවත් ගුද අවධියට සංක්‍රමණය වේ. එහිදී ළදරුවා තෘප්තිය ලබන්නේ
මළපහ කිරීමේ ක්‍රියාවලිය තුලිනි. මළපහ කිරීමේදී ගුදයේ හා මහා අන්ත්‍රයේ මාංශපේෂී සහ ස්නායු පිඩනයට පත්වේ. මළපහ කිරීමත් සමඟ එම පීඩනය අවසන් වී සතුටක් දැනේ.
කුඩා අවධියේ සිට නිදහසේ මළපහ කිරීමේ ක්‍රියාවලියේ යෙදුනු දරුවාට මෙම අවධියේදී කිසියම් පුහුණුවකට යටත්වී ක්‍රියාකිරීමට සිදුවේ. එසේම එය දෙමාපියන්ගෙන් ලැබෙන ශිෂ්ඨාචාරයේ
පළමු පුහුණුව වේ. එහෙත් ළමයා එය පිළිගැනීම අකමැති අතර එය වර්ජනය කරයි. එහිදී දරුවා කාංසාවට පත්විය හැකියි.
මළපහ කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් ලෙස පුරුදු කලයුතු බව ෆොයිඩි පවසයි. එහිදී එම අවධිය දරුවා ජය නොගතහොත් වැඩිවියට පත්වී, අනවශ්‍ය සැලසුම් කිරීම, අපිළිවෙල, අක්‍රමවත් පෞර්ෂය හෝ දුබල හැගීම් ඇතිකර ගනී. ආවේග පිටකිරීම, කෝපවීමද ඇතිවේ. ළමයා වැඩිහිටිවියේ විනයගරුක පුද්ගලයෙකු බවට පත්කිරීමට හා ගුණගරුක වීමටනම් මළපහ කිරීම් වැඩපිළිවෙල ක්‍රමවත් වියයුතු වේ. එසේම එය නිදහසේ කිරීමට ඉඩ දීමත් ඒ සඳහා බල කිරීමත් නොකළයුතු වේ.
ලිංගරූප අවධිය (The Pallic Stage)
උපතින් පසු හතර වැනි, හයවැනි වසර වලදී මනෝලිංගරූප අවධිය වෙත සංක්‍රමණය වේ. මෙහිදී ළමයාට තම ලිංගික අවයව කෙරෙහි කුතුහලයක් ඇතිවේ. එවිට ස්ත්‍රී, පුරුෂ ලෙස වෙනස්කම් පිළිබඳව වැඩි අවධානයක් වෙත යොමුවේ. එහිදී පිරිමි දරවා මව කෙරෙහිද (Oendipus Complex) ගැහැණු දරුවා පියා කෙරෙහිද (Electra Complex) බැදේ. මෙහිදී පිරිමි දරුවා පියාට ඊර්ෂ්‍යා කරයි. මෙම අවධිය නිසිලෙස සංවර්ධනය නොවූ විට පසු කාලීනව පෞර්ෂ ගැටළු මතුවන බව ෆොයිඩි සඳහන් කරයි. එසේම එම මානසික තත්ව ජය නොගතහොත් වැඩිහිටි අවධියේදී සමලිංගික තත්ව ඇතිවන බව පෙන්වාදේ.
නිලීන අවධිය (The Latent Stage)
අවුරුදු හයේ සිට අවුරුදු දොළහ පමණ වනතෙක් මෙම අවධිය පවතින අතර එය දරුවාගේ ගුප්ත අවධිය ලෙස සඳහන් කරයි. එහිදී දරුවා වේගවත් කායික හා බුද්ධි වර්ධනයන් ලබයි. විශේෂ ලෙස දරුවා ක්‍රියා කටයුතු කෙරේ විශේෂ ඇල්මක් දන්වන අතර දරුවාට ඇත්ත ඇති සැටියෙන් පහදා දිය යුතුය. සෑම දෙයකම සත්‍ය විද්‍යාත්මක බව දරුවාට පහදා දිය යුතුය. එහිදී දරුවාගේ පෞරුෂය මනාලෙස ඇතිවේ. එහිදී දරුවා සමාජය හා අන්තර්පුද්ගල සබඳතා පිළිබඳ දැනුම ලබයි.
මෙම අවධියේදී දරුවා තුල ආත්ම විශ්වාසය ඇතිවේ. එය අනාගතයේදීද දරුවා තුල සබඳතා හා අන්තර්පුද්ගල සබඳතා, සමාජශීලි වීම ආදිය කෙරේ බලපායි.
ප්රජානන අවධිය The Genital Stage)
නව යොවුන් අවධිය තුල ප්‍රජනන ලිංගික අවධිය ඇතිවේ. එය ඉහත අවධීන්ට වඩා වෙනස් විස්තීරණ ස්වරූපයන් මෙම අවධියේදී ලැබේ. මෙම අවධියේදී විරුද්ධ ලිංගිකයන් කෙරේ යොමුවේ. එහිදී ප්‍රේම සබඳතා ගොඩනැගීම ආදිය සිදුවේ. එසේම දරුවා මනා ලෙස, සුක්ෂම ලෙස දෙමාපියන් විසින් හැඩගසා ගත යුතුයි.
සමාජයක් ලෙස ගත්කල යහපත් සමාජයක් බිහි කිරීමටනම් ඔබ ඔබේ දරුවාගේ හැසිරීම් සූක්ෂම ලෙස අධ්‍යනය කර අවබෝධය ලබාගත යුතුය. දරුවා යනු, අපගේ වටිනාම කොටස බවත් එය අපගේ අනාගතය බවත් ඔහුට නිදහසේ වැඩෙන්නට ඉඩ ලබා දියයුතුය.