විවාහ ජීවිතයට Romance ඕනේමද?

විවාහයට පෙර බොහෝ පෙම්වතුන් එක එක ආදරබර වචන කියමින් බොහෝ සේ ආදරණීයව ගත කරයි. නිතරම ආදරය පෙන්නුම් කරයි. ආදරණීයව ගත කිරීමට කැමැත්තක් දක්වයි. නමුත් විවාහයෙන් පසුත් ඒ ආදරය එලෙසම පවතියිද? එය එසේ පවත්වා ගැනීමට කුමක් කළ යුතුද?

  1. Romance නිතරම පවතින්නේ නැත
    විවාහයට පෙර පැවතුන ඒ ආදරණීය බව විවාහයෙන් පසුත් එලෙසම පවතී යැයි අපිට කිව නොහැකිය. ඒ වගේම එය එසේම පවතින්නේද නැත. එය අපි තේරුම් ගත යුතුය. එමනිසා නිතරම එය බලාපොරොත්තු වීමටද නොහැකිය.
  2. වෙලාව සොයාගන්න
    එදිනෙදා ජිවිතයේ වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු, රැකියාවේ වැඩ කටයුතු සමග කාර්යබහුල වන විට ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව පිළිබදව සොයා බැලීමට ඔබට වෙලාවක් නැති වනු ඇත. එමනිසා ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග ආරණියව ගත කිරීමට වෙලාවක් සොයා ගන්න.
  3. චිත්‍රපටි හෝ නවකතා වල ඇති දේවල් බලාපොරොත්තු නොවන්න
    නොයෙක් චිත්‍රපටි, නවකතා පොත් වල සදහන් වන දේවල් හුදෙක් මායාවක්ම පමණි. එමනිසා එවැනි දේවල් තම සහකරුවා හෝ සහකාරියගෙන් බලාපොරොත්තු නොවන්න. එවැනි දේවල් ප්‍රායෝගික නොවේ. බොහෝ අය මෙහි යථාර්ථය තේරුම් නොගෙන හීන ලෝකවල ජිවත් වෙයි.
  4. අනෙකා ගැන සිතීම
    නිතරම අනෙකා ගැන සිතමින් අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන්න. තම විවාහ ජීවිතය romantic වීමට මෙම කරුණද බොහෝ සෙයින් බලපායි. එමනිසා නිතරම අනෙකා ගැන නිතරම් සිතමින් කටයුතු කිරීමට උත්සහ කරන්න.

ඔබේ විවාහ ජිවිතයේ ජිවිතයේ romantic ද නැද්ද යන බව තීරණය වන්නේ ඔබගේ ක්‍රියා කලාපය හා සිතුම් පැතුම් අනුවයි.