ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව යනු එවැනි දෙයකි. නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පිලිකා සුව වීමේ වැඩි අවකාශක් තිබුනද, ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. මෙයින් මුල්‍යමය අපහසුතා මෙන්ම ඒ මගින් මානසික පීඩා වලට ද ඇතැමුන් මුහුණ දේ.
පිළිකාව යනු ඕනෑම වයසක, ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට ඇති විය හැකි සංකීර්ණ රෝගයකි. නමුත් දශක ගණනාවක පර්යේෂණ වල ප්‍රතිපලයන්ට අනුව දැන් පිළිකාවලින් ආරක්ෂා වී සිටීමට ගත හැකි මුලික පියවරයක් කිහිපයක් හඳුනාගෙන ඇත.
-
සෞඛය සම්පන්න හා සමබර ජිවන රටාවක් ගත කරන්න.
නිරෝගී දිවි පෙවෙතක් යනු කුමක් ද යන්න පිලිබඳ එකිනෙකාට වෙනස් අදහස් තිබිය හැක. මෙහිදී අප සෞඛ්‍ය සම්පන්න දිවියක් යන්න ඉතා සරලව මෙසේ හඳුන්වා දිය හැක.
- සෞඛ්‍යමත් අහාර රටාවක් ඇති කර ගැනීම. (මෙයින් අදහස් කරන්නේ උදේට පමණක් සලාදයක් ආහාරයට ගැනීම නොවේ.)
- ශාරීරිකව ක්‍රියාශීලිව සිටීම
- මත්පැන් හා දුම් පානයෙන් වැලකි සිටීම.
සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවක් පිළිකාවට මග පාදන්නේ කෙසේද?
ලෝක පිලිකා පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද අධ්‍යනයකට අනුව එක්සත් ජනපදයේ හඳුනාගෙන ඇති පිළිකා වලින් අවම වශයෙන් 18% ක් ශරීරයේ මේදය තැන්පත් වීම, ශාරීරික අක්‍රියතාව, මත්පැන් පානය හා පෝෂණ උනතාවය නිසා හට ගන්නා බව ගණනය කර ති බව ඔබ දන්නවාද? පැහැදිලිවම පිළිකා යනු වලක්වා ගත හැකි තතවයකි.
-
බර පාලනය කර BMI අගය හරි ආකාරව පවත්වා ගන්න.
බර නිසි ලෙස පාලනය කර ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවධානම අවම කර ගත හැකි අතර එයින් ඔබට හදවත් රෝග හා අනෙකුත් බෝ නොවන රෝග අවම කර ගැනීමට ද හැක. මෙය ලොව පුරා පවත්වන ලද විවිධ පර්යේෂණ වලින් තහවුරු කර ඇත.
උදාහරණයක් ලෙස GLOBOCAN ව්‍යපෘතිය මගින් කරන ලද පර්යේෂණයකින් ඔප්පු වී ඇත්තේ, 2012 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා රෝගීන් 3.5% පිරිමි පාර්ශවයෙන් එනම් 28,000ක ප්‍රමාණක් ද, 9.5% කාන්තාවන් එනම් 72,0000 ක ප්‍රමාණක් හඳුනා ගෙන ඇති බවයි. එමෙන්ම මෙයට මුලික හේතුව අධිබර හා තරබාරු බව යන්න ඔවුන් පෙන්වා දෙයි.
තරබාරුකම පිළිකාවට මගක් වන්නේ කෙසේද?
අධිබර ශරීරයේ පිළිකා වර්ධනය උත්තේජනය කල හැකි ඉන්සියුලින් හා ඊස්ට්‍රජන් වැඩිපුර නිපදවීමට හේතුවක් වේ.
එමෙනම් තරබාරු පුද්ගලයන් තුල දැනටමත් අවම මට්ටමේ පවතින නිදන්ගත රෝග හා ඉදිමීම් වර්ධනය වී, ඒවා මගින් DNA වලට හානි සිදු වී පිළිකා ඇති විය හැක.
ඔබට ඔබේ නිසි බර දැන ගැනීමට අවශ්‍ය නම්, උස සහ බර අනුව ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගණනය කල හැක. අන්තර්ජාලය ඔස්සේ ඔබට මෙය බලා ගත හැක.
-
හොඳ පුරුදු ඇති කරගන්න.
පිළිකා කල් තියා හඳුනා ගත හොත් පහසුවෙන් හා ඉතා අඩු මුල්‍ය පිරිවැයකින් ප්‍රතිකාර කර සුව කල හැකි බව ඔබ දැන සිටියාද?
මුල්‍යමය අතින් ඔබේ සුදානම කෙසේද?
ඉහත සදහන් කල පරිදි ඔබට පිළිකා කල් ඇතිව හඳුනා ගත හොත් එය සුව කර ගැනීමට ලෙහෙසි වනු ඇත. නමුත් යථාර්තය නම් එවැන්නක් හෝ වෙනත් බෝ නොවන රෝගයක් කලින් හඳුනා ගැනීම අපහසු බවය.
පිළිකා ප්‍රතිකාර සඳහා ඇති විශාල මුදලක් වැය වේ. ඔබ මෙවන් අහඹු තත්වයකට සුදානම් නැත්නම් ඔබේ දිවියේ බලාපොරොත්තු සියල්ල අහිමි වනු ඇත. එසේ නම් එය වලක්වා ගන්න ඔබ පෙර සුදානමින් සිටින්න.
ඔබට ඕනෑ තරම් සෞඛ්‍ය රක්ෂණාවරණ වෙළඳපොලේ සොයා ගත හැක. නමුත් මේ සියල්ල එක හා සමාන නොවේ. ඔබේ සෞඛ්‍ය ගැන සුළුවෙන් නොතකා ඔබට ගැලපෙන හොඳම සෞඛ්‍ය රක්ෂණාවරණය තෝරා ගන්න. එය ඔබේ අවශ්‍යතාවයට හා අතේ ඇති මුදලට ගැලපෙන එකක් ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු වේ.
එමෙන්ම, ඔබේ රක්ෂණාවරණය වසර කිහිපයක් පැරණි නම්, එම ආවරණය ප්‍රමාණවත් ද, නවීන පුළුල් ආවරණ ඇතුලත් වී ඇත්ද යන්න සොයා බලා ඔබේ රක්ෂණාවරණය යාවත්කාලින කර ගන්න.