ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක්

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට අප තෝරා ගත්තේ දිරිය ලියන් පිරිසකි. ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ සමාජීය හාප්‍රජාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන කාන්තාවන් liya.lk සමග කතා බහට එක් වුනා.
ඔවුන්ගේ අත්දැකීම් වලින් කතාවන් සඳහා සුවිශේෂ වූ කරුණු මෙන්ම කාන්තාවන්ගේ දායකත්වය හා ඒවා ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් කතිකාවතක් මේ තුලින් ගොඩ නගන ලදී.
එහිදී විශේෂයෙන්ම වැදගත් වුයේ මුල්‍ය කළමනාකරණ කේෂ්ත්‍රය තුළ කාන්තාවන්ගේ දායකත්වය ශ්‍රී ලංකාවේ CIMA ආයතනය ප්‍රධානී සාරා අන්සාරී මහත්මිය විසින් පෙන්වා දීමයි. තවද එයට නව පැතිකඩක් එක් කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අංශ ප්‍රධානි ආචාර්ය අරෝෂා අදිකාරම් තම සේවා කාලය තුල ඇය ලබා ගත් අත්දැකීම් තුලින් විශ්ව විද්‍යාලය තුල මෙන්ම එයින් පිටතදී ද කාන්තාවන්ට ඇති ගැටළු රැසක් සාකච්චා කරන ලදී.
මිට අමතරව මෙම කතා බහට එකතු වුයේ නිර්මාංශ අහාර නිෂ්පාදන ආයතනයක් වන supersun හි ප්‍රධානි සුනන්ද වීරසිංහ මහත්මියයි. ඇයද එම කේෂ්ත්‍රය තුල ලබා ගත් අත්දැකීම් දුන් ගැටළු අප සමග බෙදා හද ගත්තා. එමෙන්ම කුසුම් අතුකෝරල මහත්මිය, ජල සම්පත් කලමකරණය හා දේශගුණ විපර්යාස අංශයේ සේවය කරමින් ඇයගේ සතු දැනුම් සම්භාරය මෙන්ම එහි ල වූ කාන්තා දායකත්වය ගැන සුවිශේෂී තොරතුරු ඉදිරිපත් කළා. එම වීඩියෝව මෙතනින් නරඹන්න.

තවද මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තවත් වර්ණවත් කරමින් අප විසින් හදුනා ගත් දිරිය ලියන් හා ඔවුන් සමාජයට සලසන නිහඬ සේවය අගය කිරීමක් ලෙස මෙලෙස අප ඔබ වෙතට ඔවුන්ගේ තතු ගෙනහැර දකවනවා.

1. දොම්පේ පදිංචි ගීතා රෝෂිනි ද සිල්වා නම් ඈ ඉතා දුෂ්කර පසුබිමකින් පැමිණ අද වන විට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ සංවර්ධන නිලදාරියෙක් වශයෙන් කටයුතු කරනවා. ඇය දියණියකගේ මවක් සහ ආදරණිය බිරිඳක් ලෙස තෘප්තිමත්ව ජීවිතය ගත කරමින් සිටින දිරිය ලියක්. සාමාන්‍ය හා උසස් පෙළ එකවර සමත් වී රජරට විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන්නට සමත් වෙනවා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවෙන හිංසන වැලැක්වීම සඳහා \”ගීතය තුලින් ඇය දකිමු\” වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර පාසල් දරුවන්, ළමා නිවාස දරුවන් සඳහා වැඩසටහන් කරන කාන්තාවක්. එසේම රැකියා ස්ථාන වල කාන්තාවන්ට සිදුවන හිංසන වැලැක්වීම සහ කාන්ත හිතකාමී සේවා පරිසරයක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින් වැඩසටහන් නිර්මාණය කිරීමද ඇය විසින් සමාජ මෙහෙවරකි.

 

2. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමමේ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පරීක්‍ෂක තනතුරේ සේවය කරන සොනාලි වීරසේකර වන ඇය සැබවින්ම දිරිය කතකි. උපදින විට සුෂුම්නාවට සිදු වූ හානියක් නිසා අබාධිත ඈ එය බාධාවක් කර නොගෙන රෝද පුටුවක ආධාරයෙන් අද වන විට විශාල සමාජ සේවයක නිරත වෙමින් පවතිනවා. ඇය උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී කළමනාකරණය (ගණකාධිකාරී) විශේෂ උපාධිය (BBA sp.in Accounting) හිමිකරගන්නට සමත් වෙනවා.
කුඩාකල සිටම ආබාධිත තත්වය හමුවේ විවිධ බාධක ජයගෙන ඉදිරියටම ගමන් කිරීමටත්, උත්සහය, උනන්දුව, කැපවීම, යන සංකල්ප පෙරදැරි කරගෙන ජීවිතය ජයගත හැකිය යන විශ්වාසයෙන් නිරතුරුවම වැඩ කටයුතු කරන ඈ , ඇගේ දිවි ගමන සාර්ථක කර ගැනීමට දෙමව්පියන්ගෙන් ලද සහය මිලකල නොහැකි බව කියා සිටිනවා.අදටත් ඇගේ සෙවනැල්ල සේ සිටින තාත්තා ගේ අවවාද ශක්තියක් කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගැන තිබේ. ආබාධිත දරුවන් නොසලකන සමාජයක ඇගේ දෙමව්පියන් ඇයව නිසි අධ්‍යාපනයට යොමු කර මනස පාදා සමාජයට වැඩදායී සමාජයට බරක් නොවී ජීවත් වීමට සුදුසු පුද්ගලයෙකු ලෙස ඇයව නිර්මාණය කර තිබීම ගැන ඇය දෙමවුපියන්ට ස්තුවන්ත වේ.

 

3. සමාජ සේවා කටයුතු වල නියැලෙන ඉමුල්පේ ප්‍රාදේශීය ලේකම් නිලධාරිනි දුල්මිණි බණ්ඩාර දිරිය ලියක් ලෙස ලිය වෙතින් හදුනා ගත් සුන්දර වුත් දක්ෂ වුත් කාන්තාවකි.ඇය පුද්ගලික ,රාජකාරි ,සමාජ ජිවිත සමබරව ගත කරන ආදරණිය චරිතයකි.
පුද්ගලික ජිවිතයේ දීයනියක ,බිරිඳක් ,මවක් ලෙස වගකීම් ඉටු කරන් අතර රාජකාරි ජිවිතයේ ,අවාසි දායක (ආබාධිත ,ජ්‍යෙෂ්ඨ ,තනි මාපිය ,විවිධ ප්‍රශ්න වලින් පෙලෙන මිනිසුන්ට සහන ලබා දීම සිදු කරයි.
සමාජ ජිවිතයේ ,සමාජය යහපත් කිරිමට සිතිවිලි වෙනස් කිරිමට වෙහෙසන කාන්තාවක් ලෙස ඇය ඇයව හදුන්ව දෙයි.
ජිවිතයේ අරමුණ සතුට,නිදහස ,තේමා කරමින් සිතිවිලි ,විශ්වය සමඟ යහපත්ව සමාජගත කිරිමට වෙහෙසන කාන්තාවකි .