මේ දිනවල කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ සාරියක්ද? පහසු ඇදුමක්ද ? යන්නයි.සමාජයේ විවධ ස්ථර වල විවිධ වාද විවාද ඇති වෙලා තිබෙනවා.මේ පිලිබදව කාන්තාවන් සහ සමාජය සිතන්නේ කුමක්ද කියා බැලීම වැදගත්.මේ ගැන අපි සිතා බලමු.
1.සාරියක් ඇද පැමිණීම චිරාත්කාලයක් තිස්සේ සිදු වූ දෙයක්.
සාරියක් ඇදගෙන පමණක් ඉගැන්වීම සිදු කිරීම සුදුසු දෙයක් බව බහුතරයක් සිතන බව පෙනේ. මේ සදහා විවිධ හේතු බලපායි. අපට පුරුදු ගුරුවරියන් සාරියෙන් සැරසී පාසලට පැමිණීම මෙන්ම සාරියක් ඇදීමෙන් වෘත්තියේ ගෞරවය රැකෙන බව බොහෝ අය අදහස් කරයි.
2.විනයානුකූල වූ සැහැල්ලු ඇදුමකින් සැරසීම වෘත්තියට පහසු බවද කියවේ.
ඕනෑම වෘත්තියක තම විනය රැකෙන ලෙස පහසු ඇදුමින් සැරසීම ප්‍රායෝගික විය හැක. මෙයට බලපාන්නේ උදෑසන සාරියක් අද ගැනීමේදී තිබෙන ගැටළු මෙන්ම අද කාලයේ සාරි සදහා අධික වියදමක් වැය වීම පෙන්වා දිය හැක.මීට අමතරව
ක්‍රීඩා සහ නැටුම් වැනි අංශවල යෙදෙන ගුරුවරියන්ට පහසු ඇදුමක් උදාහරණයක් ලෙස කුර්තා හෝ ලුන්ගි වැනි ඇදුමක් විනයානුකූල කෙස ඇදිය හැකි බව සමහරු විශ්වාස කරයි.
3.විනය රැකෙන්නේ ඇදුමෙන් පමණක්ද?
බහුතර සමාජයේ පිළිගැනීම වන්නේ විනය රැකෙන්නේ \’ඇදුමෙන් පමණක් නොව ක්‍රියාවෙන්\’ ය යන්නයි.මේ සදහා සාරි ඇදීම හෝ පහසු ඇදුමක් ඇදීම අදාළ වන්නේ නැත යයි අපට සිතිය හැක. විනයානුකූලව තමන්ගේ රැකියාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු කරන්නේ නම් ඒ සදහා බාහිර ආටෝප අවශ්‍ය නොවන බව තර්ක කල හැක.
4.රටක් හැටියට අපේ ආකල්ප යල් පැන ගිය ඒවාද යන්න සිතා බැලීම වටී.
ගුරුවරියන් සාරියකින්ම සැරසී පැමිණීම යම් කෙනෙකු යල් පන ගිය අදහසක් බව තර්ක කල හැක.ලෝකයේ බොහෝ පාසල් වල අධ්‍යාපනික ආයතනවල ගුරුවර ගුරුවරියන් පහසු ඇදුමකින් සැරසී පැමිණීම අද කාලයේ සිදු වන දෙයක් බව අපි දන්නවා.මෙහිදී මුලික අංගය ලෙස සැලකිය හැක්කේ ගුරුවරු විනයානුකූල ඇදුමකින් සැරසී පාසලට පැමිණීම යැයි අපට සිතිය හැකිය.නමුත් ගුරුවරියන් සාරියකින් පමණක් සැරසිය යුතුයි යැයි විශ්වාස කරන්නන්ගේ අදහස් වලට අපි ගරු කරන්නෙමු.
5.මේ පිලිබදව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කල හැකිද?
මෙහිදී සාරිය මෙන්ම විනයානුකූල වූ පහසු ඇදුමක් තම ගුරු වෘත්තියට අදාළ අංශ වලදී එනම්, ක්‍රීඩා හෝ නැටුම් අංශ වලදී සැහැල්ලු ඇදුමක් සදහා ඉඩකඩද පන්ති කාමරය තුල සාරියද යන දෙකම පිලිබදව මධ්‍යම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිලිබදව අපි සිතා බලමු.