කොරෝනා– 19 වසංගතය තවම අප අතරින් පහව ගොස් නොමැති අතර එය කාලයෙන් කාලයට විවිධ ප්‍රභේද සමඟ වෙනස් වෙමින් පවතියි . දිනෙන් දින මෙම රෝගයට ගොදුරුවන ගණන සහ මිය යන සංඛ්‍යාව වාර්තා වන අතර මෙම මාරාන්තික රෝගය පොළොවෙන් තුරන් කිරීම අපි සැමගේ උත්සාහාය සහ ප්‍රාර්ථනය වේ. කලින් ප්රභේදයන්ට වඩා ඉතා වේගයෙන් බෝවෙන ඩෙල්ටා ප්‍රභේදය බොහෝ දරුවන් හට වැළඳී තිබෙන නිසා අපි නිතරම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා.
දරුවන්ට කොවිඩ් -19 ආසාදනය වීමත් සමඟම තවත් බරපතළ රෝගී තත්ත්වයක් හට ගන්නා බව අපට මේ දිනවල සෞඛ්‍ය අංශ වලින් අසන්නට ලැබේ. සයිලන්ට් හයිපොක්සියා silent hypoxia නම් මෙම රෝගයට දරුවන් ගොදුරු වුවද රෝග ලක්ෂණ කිසිවක් බාහිරව පෙන්නුම් නොකරන බැවින් මෙය නිහඬ මාරයකු ලෙසද හැඳින්විය හැකිය .
රෝගය හට ගන්නා අවස්ථා–
කොවිඩ් ආසාධිත කාලයේදීම හෝ රෝගයෙන් සුවවීමෙන් පසුව
කොවිඩ් රෝගයෙන් සුව අතට හැරුණු දරුවන් සුපුරුදු පරිදි ක්‍රීඩා කිරීම ඇතුළු ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම්වල නිරත වෙන විට අපි සිතන්නේ දරුවා නිරෝගීව සිටින බවයි. නමුත් අපි නොදැනුවත්වම දරුවාගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවි මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැකිය. රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මෙම රෝගී තත්වය ඉතා අනතුරුදායක බව කිව හැකිය. එබැවින් අපි නිතරම දරුවා කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය.
අවධානය යොමුකල යුතු කරුණු –
මෙමඟින් පෙනහලුවලට හානි කරන අතර ස්වසන මාර්ගය දුර්වල කරයි. සාමාන්‍යයෙන් රුධිරයේ නියමිත ඔක්සිජන් ප්‍රමාණය අඩුවූ විට හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කළද මෙම රෝගී තත්ත්වයේදී කිසිඳු රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම මෙහි පවතින අවදානම් තත්වය වේ.
ඔක්සිජන් වායුව තමයි අපගේ ජීවිතය රැක දෙන්නේ. ඔක්සිජන් නැතිව අපිට විනාඩි කිහිපයකට වඩා ඉන්න බැහැ. අපේ රුධිරයේ ඇති රතු රුධිරාණු මගින් ඔක්සිජන් අපගේ සිරුරේ ඇති සියළුම සෛල වලට ගෙනියනවා
මේ නිසා කොවිඩ් ආසාදිත දරුවන්ගේ මෙන්ම එම රෝගයේ සුවපත්වූ දරුවන්ගේ ඔක්සිජන් මට්ටම දිනකට කිහිපවතාවක් මන බැලීම කළ යුතුයි.
දරුවා සාමාන්‍ය පරිදි සිටිනා විට ඔක්සිජන් මට්ට්ටම සියයට 95ට වඩා අඩු නම් වහාම දරුවා රෝහලක් කරා ගෙන යා යුතුයි.
සිරුරේ ඔක්සිජන් මට්ටම සොයා ගත හැකි ක්‍රම කිහිපයක්
ඔක්සිජන් මනින උපකරණය වන පල්ස් ඔක්සිමීටරය මඟින්
හුස්ම ගැනීම සම්බන්ධ ව්‍යායාම කිරීම -හුස්ම ඉහලට ගෙන 1-10 දක්වා හෝ 20 තෙක් ගණන් කිරීම . මෙම ව්‍යායාමයේදී ගණන් කරන කාලය තුල හුස්ම ඉහලට රඳවා ගෙන සිටීමට නොහැකි නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය
එමෙන්ම දරුවා සාමාන්‍ය ආකාරයට වඩා වේගයෙන් හුස්ම ගන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේද සිරුරේ ඔක්සිජන් මට්ටම අඩුවී ඇති බවයි. මෙවැනි අවස්ථාවක දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය .
හතියට ප්‍රතිකාර ගන්නා දරුවන් නිසි පරිදි ප්‍රතිකාර ලබා ගෙන එම තත්ත්වය පාලනය කිරීමට උනන්දු වන්න. ඉන්හේලර් ප්‍රතිකාරය ගන්නා දරුවන්ද තමන්ගේ ප්‍රතිකාර නියමිත පරිදි ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. එසේම හතිය ඇති රෝගී දරුවන් උදෙසා විශේෂයෙන් හඳුන්වා දී ඇති හුස්ම ගැනීමේ ව්‍යායාම් ක්‍රම දිගටම සිදු කළ යුතුවේ. හතිය කල් අල්ලා පවතී නම් ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි
දරුවාගේ ප්‍රතිශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම -මෙහිදී ප්‍රතිශක්තිය වැඩිවන ආහාර වර්ග දරුවාට දිය යුතුය.
පෝෂණ ගුණයෙන් සමන්විත සමබල ආහාර ,
කැඳ, සුප් , ස්වාභාවික පලතුරුවලින් සකසා ගත් ජුස් වැනි දියර වර්ග
මද උණුසුම් රස්නෙන් යුත් වතුර මේ කාලයේදී සීතල ආහාර ලබා දීම සුදුසු නොවේ.
අපට ඇසෙන කරුණු වලට අනුව කොවිඩ් කියන්නේ අමුතුම වයිරස් රෝගයකි. එම රෝගය හට ගෙන දින 14ක හෝ 21ක් තුල සුව වුනා කියන්නේ අපගෙන් තව කෙනෙකුට රෝගය බෝ නොවන බවයි. නමුත් මෙම රෝගයේ විවිධ සංකුලතා මෙම දින වලින් පසුවද ඇතිවෙන නිසා එය නිශ්චිත ලෙස සුව වීමට මාස ගණනාවක් ගතවිය හැකිය. මේ නිසා අපගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි නිතරම සැලකිලිමත් විය යුතුය. මෙම රෝගය වැළදුන අය වැඩිය මහන්සි නොවී සරල ව්‍යායාම වල යෙදෙමින් සහ ප්‍රතිශක්තිකරණය නිසි ලෙස පවත්වා ගැනීමට සමබල ආහාර මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කිරීම වැදගත්වේ.