ලොව සෑම රටකම ආර්ථික සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් විශාල දායකත්වයක් දක්වති .ඒ අතර කාන්තා ව්‍යවසායක දායකත්වය ඉහළ මට්ටමක පවතියි. ශ්‍රී ලංකාවේද ආර්ථිකයේ සාර්ථකතත්වය උදෙසා ඔවුන් දක්වන දායකත්වය ඉහළ මට්ටමක පවතින බැවින් කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කර බල ගැන්වීම ජාතික කර්තව්‍යක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවේ ජාතික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බල ගන්වමින් එම ක්ෂේත්‍රයන් වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට කවදත් කැපවී සිටීයි .
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් සඳහා කොමර්ෂල් බැංකුව අනගි සංවර්ධන ණය ක්‍රමය යටතේ ණය පහසුකම් සපයනු ලැබේ. කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමයෙන් ව්‍යාපාර හිමි බොහෝ කාන්තාවන්හට ප්‍රතිලාභ ලැබෙනු ඇත .
ව්‍යවසායකයින්හට නම්‍යශීලී අඩු පොලී අනුපාත සහ ව්‍යාපාර වර්ධනයට අදාළ වන පරිදි ණය ආපසු ගෙවීමේ සැලසුම් වැනි ක්‍රමවේද හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමට කොමර්ෂල් බැංකුව මුල්‍යමය සහාය ලබා දෙයි.
කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන් සඳහා විශේෂ පොලී අනුපාත සමඟ සම්පූර්ණ මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. එම ව්‍යවසායකයින් සඳහා අංශ පදනමින් මුල්‍යමය සහාය ලබා දෙන අතර කාන්තා ව්‍යවසායකයින් එහි එක් උප අංශයක් ලෙසද සලකනු ලබයි.
ජාතික බැංකුවක් ලෙස, කාන්තාවන් නොමැතිව තිරසාර ආර්ථික වර්ධනයක් ඇති නොවන බව කොමර්ෂල් බැංකුව වටහා ගත්තෙමු . රැකියා සහ ව්‍යාපාරික ලෝකයට කාන්තාවන් ඇතුළත් කිරීම සමාජ ප්‍රගතියට මෙන්ම ආර්ථික වර්ධනයට ඉවහල්වේ. කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යන විට දරුවන්ගේ අධ්‍යාපනයට, පවුල් සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඔවුන් බෙහෙවින්ම දායක වන බැවින් එය රටක සමස්ත ආර්ථික වර්ධනය කෙරෙහිම බලපානු ඇත .
කාන්තා අවශ්‍යතා හඳුනාගත් කොමර්ෂල් බැංකුව රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන් නගා සිටුවීම උදෙසා අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීමට ලෝක බැංකුවේ International Finance Corporation (IFC) සමඟ ව්‍යාපෘතියක් ( \’Gender Advisory Project’ ) ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය අවසානයේදී, අපි අපගේම පාරිභෝගික වටිනාකම් යෝජනාවක් මත පදනම් වූ ව්‍යාපාර ආකෘතියක් නිර්මාණය කළේය. ඒ අනුව මෙම සුවිශේෂී වෙළඳපල කොටස සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නිෂ්පාදන සහ සේවාවන් හඳුන්වාදීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර අනගි ව්‍යාපාර ණය (Anagi Business Loan) යනු එවැනි නිෂ්පාදනයකි.
සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සඳහා හඳුන්වා දී තිබෙන Anagi ව්‍යාපාර ණය ක්‍රමය හරහා කාන්තා ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හෝ ආයෝජන අරමුණු සඳහා ණය පහසුකම් සපයනු ලැබේ .
කාන්තා ව්‍යාපාර හිමිකරුවන් සහ කාන්තා ව්‍යාපාරික හවුල්කරුවන් හෝ අධ්‍යක්ෂවරුන් සහිත ව්‍යාපාර සඳහා පමණක් ණය ලබා දෙන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අයදුම්කරුවන්හට තරඟකාරී පොළී අනුපාත සහ නම්‍යශීලී සහන කාල සීමාවන් යටතේ රුපියල් මිලියන 2 සිට රුපියල් මිලියන 250 දක්වා ණය ලබා දෙනු ලැබේ .
මීට අමතරව කෘෂිකාර්මික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා කෘෂි ව්‍යාපාර ණය, කෘෂි ලීසිං සහ කෘෂි උකස් ණය ලබා දෙනු ලැබේ. මෙම ණය පහසුකම් කෘෂිකාර්මික අංශයේ නියුතු ව්‍යවසායකයින්හට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි සකස් කර ඇති අතර ණය ගෙවීම සඳහා සෘතුමය ගෙවීම් සහ නම්‍යශීලී විධිවිධාන වැනි විශේෂ විකල්පද ඇතුලත් කර තිබේ. මීට අමතරව විශේෂිත කෘෂි ව්‍යාපාර සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහ වෘත්තීය දැනුම ඇති වෘත්තිකයන් සඳහා වාණිජ කෘෂි ණය ලබා දීමටද කොමර්ෂල් බැංකුව කටයුතු කරනු ලබේ.
ජාතික විදුලිබල පද්ධතියට තිරසාර බලශක්තිය ලබා දීම සඳහා සූර්ය බලශක්ති ව්යාපෘති පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ ව්යවසායකයින් සඳහා දිරිබල හරිත සංවර්ධන ණය ක්රමය සහ COVID-19 වසංගත තත්ත්වය තුල ආර්ථික අභියෝග වලට මුහුණදුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්යවසායකයින්ගේ ආර්ථික වර්ධනය උදෙසා කොමර්ෂල් බැංකුව ඍජුවම ක්‍රියා කරමින් ඒ සඳහා දිරිශක්ති ණය ක්රමය හඳුන්වා දී ඇත.
කාලයත් සමඟම සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර සඳහාද බැංකුව විසින් ක්ෂුද්‍ර ව්‍යාපාර ණය සපයනු ලැබේ. බොහෝවිට කාන්තාවන් පවුලේ ආර්ථිකයට දායක වීම සඳහා ආරම්භ කරන ක්ෂුද්‍ර ව්‍යාපාර අවදානමට ලක්විය හැකි බැවින් එවැනි ප්‍රජාවන් සඳහා මෙම ණය ක්‍රමය ආධාරකයක් වනු ඇත.
ශක්තිමත් මූල්‍ය සැලැස්මක් සමඟ තම ව්‍යාපාර ශක්තිමත් කරමින් ඉදිරියට යන ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා ශක්තිමත් ඉතුරුම් පදනමක් ලබා දීම සඳහා දිවිසරු ඉතුරුම් ගිණුමක් ද කොමර්ෂල් බැංකුව විසින් හදුන්වා දී ඇත.
දිරිබල සංවර්ධන ණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්යවසායක ණය (SME Biz Loans) ලබා දෙනුයේ එම ක්ෂේත්රයන්හි ව්යවසායකත්ව වර්ධනයට සහ ශක්තිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ණය කළඹේ කොටසක් ලෙසිනි.
මෙම ණය පහසුකම් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සහ නඟා සිටුවන අතර විශාල කර්මාන්තශාලා ආරම්භ කිරීමට , යන්ත්‍රෝපකරණ සහ නිපුණතා සඳහා ආයෝජන අවශ්‍යතා සපුරාලනු ලැබේ.
කොමර්ෂල් බැංකුව සෑම විටම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයට සහය ලබා දෙන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර නව මෙහෙයුම් දක්වා වර්ධනය කිරීමට සහ ව්‍යාප්ත කිරීමට සහාය වෙමින් ජාතික බැංකුවක් ලෙස සිය වගකීම මැනවින් ඉටු කරමින් සිටියි .