කොවිඩ් 19 තත්වය හමුවේ බොහෝ දෙනෙක්ට රැකියා අවස්ථා අහිමි වී ගිය බව අප සියලු දෙනා දන්නා කරුණකි. මෙවන් පසුබිමක් උදාවීමත් සමග වැඩි දෙනා ව්‍යවසායක අංශයට විශාල නැඹුරුවක් හා යොමුවීමක් දක්නට ලැබේ. මෙලෙස ඔබටත් නිවැරදිව හා සාර්ථකව ව්‍යවසයිකාවක් වන්නට පදනම ලිය වෙතින් ඔබට ගෙන එන්නට සුදානම්.
මන්දයත් ව්‍යවසායකයෙක් වීමට ප්‍රථම දන ගත යුතු කරුණු කරන රාශියක් තිබේ. මේවා නිවැරදිව කළමනාකරණය කර ගත නොහැකි වුවොත් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට නොහැකි වනු ඇත. එම නිසා liya.lk අප ඔබට ආරාධනා කර සිටිනවා අපේ ලිය ව්‍යවසායක වැඩසටහනට සම්බන්ධ වී විදිමත් ලෙස ව්‍යාපාරයක් අරඹන්න පදනම සකසා ගන්නා ලෙස.
ඔබේ හැකියාවන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් ඔබේ අදහස්, යෝජනා අනුව ඔබට ගැලපෙන ව්‍යවසායක ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් එය ආරම්භ කිරීමට මගපෙන්වීමක් /අත්වැලක් වීමටත් අප සුදානමින් සිටිනවා.
liya.lk වෙතින් ඔබට ලැබෙන්නේ මොනවාද?
අතිවිශාල කාන්තාවන් පිරිසක් බලගන්වන ලංකාවේ ජනප්‍රියම සිංහල ඔන්ලයින් සඟරාව වන liya.lk ඔබට ප්‍රතිලාභ ලබා දීමට කැමැත්තෙන් සිටිනවා.
1. ව්‍යවසායික මාර්ගෝපදේශනය
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුලික දැනුමක් අවශ්‍ය වේ. ඔබට සිතු අයුරින් ව්‍යාපාරයක් ඇරඹිය නොහැක. උදාහර ලෙස මුල්‍ය කළමනාකරණය, පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීම, ව්‍යාපාර කළමනාකරණය, වෙළඳපොල හා ඒ අනුව අවශ්‍ය සැපයුම වැනි දෑ පිලිබඳ මන දැනුමක් තිබීම අත්‍යවශ්‍යය. එමෙන්ම ව්‍යාපාරය සඳහා අවශ්‍ය නීතිමය රාමුව හා ඒවා නිවැරදිව ලියාපදිංචියට අවශ්‍ය දැනුම වැනි දේද ඉතා වැදගත් අංගයන්ය.
2. පාරිභෝගික හා අලෙවිකරණ මගපෙන්වීම
අලෙවිකරණය සඳහා වූ විශේෂ ක්‍රම, නව තාක්ෂණ උපක්‍රම මෙන්ම යාවත්කාලින වන සැලසුම් ඔබට හඳුනා ගැනීමටත් ඒවා ඉවරදිව යොදා ගැනීමටත් අප අත්වැලක් වෙන්න සුදානමින් සිටිනවා. ඒ සඳහා අප පෙර පුහුණු වැඩසටහන් මෙන්ම දැනුම බෙදා ගැනීමේ සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට කටයුතු සුදානම් කරනමින් පවතිනවා. ඔබේ ව්‍යාපාරයට ගැලපෙන වෙළඳපොල හඳුනා ගැනීමත් ඒවාට නිසි අලෙවිකරණ ක්‍රම සහ විධි යොදා ගන්න ආකාරය අප ඔබට කියා දෙනවා.
3. ඔන්ලයින් වෙළඳ පොලට පිවිසීමේ අවකාශය ලබා දීම.
සම්ප්‍රදායික ක්‍රම පමණක් නොව නව්‍යකරණයත් සමග තාක්ෂනය මුසු වූ පුළුල් වෙළඳපොලක් නිර්මාණය වී ඇත. ඔබට වසර ගණනක පළපුරුදු, දැනුමැති අපේ වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් තාක්ෂනය උපයෝගී කර ගනිමින් නිවැරදි වෙළඳපොල වෙත පහසුවෙන් ළඟ වීමට අවශ්‍ය වටපිටාව අප සාදා දෙනවා. ඔබගේ ව්‍යාපාරය නොමිලේ අපේ වෙබ් සයිට් එකේ ප්‍රවර්දනය කර ගැනීමටත් ඔබට පුළුවන්.
ඔබට ව්‍යවසායක අදහසක් ඇත්නම් ඒ කුමක්ද යන්න ඉතා කෙටියෙන් , වචන 500කින් අපට ලියා එවන්න.
දැන්ම අයදුම් කරන්න. ඉඩකඩ සීමිතයි.