ඉදිරි පරපුර පවත්වා ගෙන යාමට දරුවන් ලැබීමට ඇති හැකියාව දෙමව්පියන්ට ඇති විශේෂ හැකියාවකි දරුවන් සම්බන්ධයෙන් සලකන විට එහි වැඩි කාර්යභාරයයක් දැරීමට සිදුවනුයේ මවටය. මවගේ සිරුර අභ්‍යන්තරව හා බාහිරව සැකසී ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමට උචිත අයුරිණි . දරුවා මවු කුසකුස තුලට ලගා වන්නේ හුදෙක් මවගේ හා පියාගේ කායික සම්බන්ධතාවය නිසා පමණක් නොවේ එම සංසේචිත ඩිම්බයට මානසික ශක්තිය ලබා දීමට සිතක්ද ලබා දිය යුතුය මේ නිසා දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ සිටම මවගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් මව ලබන සතුට වේදනාව දුක් පිඩා ආදී සියල්ල දරුවාටද දැනෙන බව නුතන මනෝ පර්යේෂකයන් විසින් ඔප්පු කර ඇත එසේම මවගේ සිතුවිලි දරුවාගේ සිතුවිලි වලට කෙලින්ම බලපායි මෙහිදී මව් දරු සබන්ධතාව හුදෙක් සබන්ධතාවයක් නොව මානසික සම්බන්ධතාවයද අනුව වැඩෙන බව පිළිගනිම වටියි.
දරුවා උපන් පසු දරුවා සමගව සිටින්න
දරුවාගේ කුඩා අවධියේදී ඔහුගේ වර්ධනයට මවගේ හා පියාගේ බලපෑම තීරණාත්මක සාධකය වේ විශේෂයෙන්ම ළදරු අවධියේදී මවගේ ආදරය සෙනෙහස කරුණාව පෝෂණය යන සියල්ල දරුවා ගේ පෞ රුෂ වර්ධනයට ඉවහල් වේ. දරුවා උපන් දවසේ සිට ම දරුවාට මවගේත් පියාගේත් ගෙදර සිටින අයගෙත් ආදරය රැකවරණය ඉතා අවශ්‍ය වේ ඔවුන්ට කුඩා කල සිටම ආදරය හා අනාදරයේ වෙනස දැනේ.
මුල් මාස හයේදී දරුවාට මව් කිරි ලැබීමත් මවගේ උණුසුම ලැබීමත් මවට තුරුල් වී සිටීමටත් ඉතා අවශ්‍ය වේ හැකි සෑම විටම දරුවා තුරුල් කරගෙන සිටීම දරුවාගේ මුලික අවශ්‍යතාවයකි ඇසෙම ආහාර නින්ද හා විවේකය ලැබීමද දරුවාගේ පෞරුෂය වර්ධනයට වැදගත් වේවිශේෂයෙන්ම දරුවාගේ වයස මාස හය සිට අවුරුදු තුන වන තෙක් කාලය පුරුෂ වර්ධනයට බෙහෙවින් බලපාන තීරණාත්මක අවධියකි මව හා දරුවා අතර මානසික හා සමජීය බදිම ඇති වන්නේ මේ කාලයේදීය.මව දක්වන ආදරය දරුවාට දැනෙන්නෙත් දරුවා මවගේ සෙනහස අපේක්ෂා කරන්නෙත් මේ කාලයේදීය
දරුවා සමග පය විසිහතරම ගත කලත් දරුවාට මවගේ ඇති බදිම වර්ධනය වන ආකාරයට දරුවා සමග ගත නොකරන්නේ නම් ඉන් යහපතක් සිදු නොවේ රැකියාවට යන මවක උවත් දරුවාගේ මේ අවශ්‍යතාව ඉටුවන ලෙස කටයුතු කල යුතුය උදේ කාලයේ හා රැකියවෙන් පසු ගෙදර පැමිණි පසු දරුවා සමග වැඩි කාලයක් ගත කිරීම හා එම කාලය හරවත් ලෙස ගත කිරීම සිදුකල යුතුය හුදෙක් යාන්ත්‍රිකව ආහාර කැවීම පෙවීම නෑවීම පමණක් ප්‍රමාණවත් නැතමෙහිදී මුලික වන්නේ දරුවා සමග කතා බහ කිරීමයිමුලදී දරුවාට කතා බහ කිරීමට නොහැකි වුවද මවට දරුවා සමග කතා බහ කිරීමට හැකියාව ඇත
දරුවා ඒ හඩට හොදින් සවන් දේ මවගේ කටහඩ හදුනා ගනී මවගේ කට හද ඇසුණු වුට දරුවට සතුටු වේ මෙලෙස සුහද කම දිගටම පවත් වා ගැනීමට නම් දරුවා සමග නිරතුරුව කතා කිරීම වැදගත් වේ එසේම දරුවාට කතා කිරීමට හැකි වූ විගසම දරුවා කියන දේ පිළිබඳව ඇහුම්කන් දිය යුතුය. දරුවා කියන දේ ඇසීමට දරුවා කැමති බව දරුවාට දැනිය යුතුයකතා කිරම මගින් දරුවා තුල මව හා දරුවා මනා සම්බන්ධයක් ගොඩ නගා ගත හැක