වැලෙන්ටයින් දිනය සමරන්න අපි තෝරා ගන්නේ අපගේ ජිවිතයට බෙහෙවින් සමීප හා ආදරය කරන සුවිශේෂී පුද්ගලයන් වේ. මෙයට තමන්ගේ බිරිඳ, ස්වාමියා, පෙම්වතිය හෝ පෙම්වතාට පමණක්ම සීමා වන්නේ නැත. මෙම දිනය සැමරීමට ඔබට ඔබගේ පවුලේ සියලු ආදරණීයයන් එක්හසු කර ගත හැක.
නමුත් ඔබ වැලෙන්ටයින් සමරන්නේ කවුරු සමගද යන්න තෝරා ගැනීම ඔබ සතු කාර්යයකි. ඔබට වැලෙන්ටයින් දිනය හා එය සැමරීමට අදාල ටිප්ස් කිහිපයක් මෙම ලිපියෙන් අප ඔබට ගෙන එන්නෙමු.
1.වැලෙන්ටයින් දිනය සැමරීමට ඔබ කැමතිද?
බොහෝ අය සිතන්නේ වැලෙන්ටයින් දිනය යනු හුදෙක් පෙම්වතා හෝ පෙම්වතියට පමණක්ම අදාල දිනයක් ලෙසටය. එම නිසා එයට බොහෝ දෙනෙක් අකමැත්තක් පෙන්නුම් කරයි. මෙය බටහිරින් පැමිණි නොවැදගත් වාණිජ අගයක් පමණක් ඇති විලසිතාවක් ලෙස සලකයි. නමුත් එය එසේ නොවේ. බටහිර රටවල් මෙම දිනය යොදා ගන්නේ තමන් ආදරය කරන, තමන් වෙනුවෙන් කැපවීමක් කරන අයට කෘතඥ බව පෙන්වීමේ දිනයක් ලෙසයි. මෙය සිසුවෙකුගෙන් ගුරුවරයෙකුට, දරුවන් දෙමවුපියන්ට, සහෝදර සහෝදරියන් අතර සබඳතාවය වර්දනය කර ගැනීමට ද ඉඩ සලසන දිනයක් වේ.
2.ඔබේ මවට, පියාට වැලෙන්ටයින් දිනයේදී සුවිශේෂී යමක් කල හැක.
වැලෙන්ටයින් දිනය ස්වාමියා බිරිද හෝ පෙම්වතා පෙම්වතිය අතර පමණක් නොව ඔබේ පවුලේ සෙසු සාමාජිකයන් සමග ආදරය බෙදා ගත හැකි දිනයක් බවට පත් කර ගන්න. එදිනට ඔබට ඔවුන් වෙනුවෙන් සුවිශේෂී යමක් කල හැක. රසවත් අහර වේලක් බෙදා ගන්න, ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදෙන්න ඔබට හැකියාව ඇත. එමෙන්ම ඔබට ඔබේ සමීපතමයන්ට තම කෘතවේදීත්වය හා ඔබට ඔවුන් කොපමණ වටිනවාද යන්න ඔවුන්ට පවසන්න. දුරුන් සිටින ඔබේ යහළුවන්ට කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දී ඔවුන් පිලිබඳ සොයා බලන්න. අගය කරන්න.
3.එදාට විතරක් ආදරය පෙන්වන්නේ ඇයි?
සැමදාම තමන්ගේ සමීපතමයන්ට ආදරය පෙන්වුවද,එක දිනයක් එය ඉස්මතු කර පෙන්විය හැක. මෙය විලාසිතාවක් ලෙස නොව ඔබට ඔබේ අදරනියයන් සමග සම්බන්දතාවය වර්ධනය කර ගත හැකි දිනයක් බවට පත් කර ගත හැක. ඔබ කොතරම් ආදරය කරන්නේද යන්නන් ඔවුනට පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගත හැක. එය ඔබගේ අදරනියයන්ට සුවිශේෂී දෙයක් ලෙස මතකයේ රැදෙන බව නොඅනුමානය.
4.මුදල් වියදම් කිරීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ.
වැලෙන්ටයින් දිනය සැමරීමට මුදල් අත්‍යවශ්‍ය දෙයක් නොවේ. අවශ්‍ය වන්නේ කුඩාවට හෝ තිළිණයක්, හසුන් පතක් ඔබේ අදරනියයන්ට ලබා දිමයි. මෙයට විශාල වශයෙන් මුදල් වියදම් කිරීම අවශ්‍ය නොවන අතර, මුදල් වලට වඩා ඔවුන්ගේ සිත් සතුටු කරන දෙයක් ඔබට කල හැක. ආදරණිය වදනක වටිනාකම මුදල් වලට මිලදී ගත නොහැක.
5.වැලෙන්ටයින් දිනය සැමරීම අතිශය පුද්ගලික දෙයකි.
වැලෙන්ටයින් දිනය සැමරීම facebook ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වල පල කිරීම බෙහෙවින් අනවශ්‍ය කරුණකි. ඔබේ පුද්ගලික දේවල් ඔබ පවුල තුල තබා ගෙන කටයුතු කිරීම වඩා සුදුසු වේ. මෙම දිනය සමාජ ජාල තුල ප්‍රසිද්ධිය ලබා ගැනීමට භාවිතා නොකර එයට නියම අරුතක් ලබා දෙමෙන් ඔබට එහි සතුට ලබා ගත හැක.වලෙන්ටිනේ දිනය අතිශය පුද්ගලික, සමීපතමයන් සමග සතුටින් සමරන දිනයක් බවට පත් කර ගන්න.
මෙවැනි තවත් ලිපි කියවන්න.
සතුට යනු කුමක්ද?