ලිය.lk විසින් ඔබට ලබා දෙන කුඩා ව්‍යාපාර අත්වැල (Small Business Support) යනු ඔබේ කුඩා ව්‍යාපාර සඳහා පියාපත් ලබා දිය හැකි මහඟු මෙහෙවරකි.
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති කාන්තා ව්‍යවසායකයෙක් නම් මෙය ඔබ වෙනුවෙන් අප ඔබට දෙන තිලිනයකි.
මෙමගින් සුවිශේෂී ප්‍රතිඵල ලබා ගැනීමට හැකි දක්‍ෂ කාන්තාවන් බොහෝ දෙනෙක් අපේ පාඨකයින් අතර සිටිති.
ප්‍රවීණයන් සහ සම්පත් දායකයින් සමඟ සම්බන්ධ වී ශක්තිමත් ව්‍යාපාර ගොඩනැගීමට හැකි වන පරිදි අපි ඔබ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇත්තෙමු.
ඔබ Liya.lk කුඩා ව්‍යාපාර අත්වැල තෝරා ගත යුත්තේ ඇයි?
කුඩා ව්‍යාපාර අත්වැල යනු කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අපගේ ප්‍රවීණයන් විසින් සකස් කරන ලද විශේෂ වැඩ සටහනකි. එය ආවරණය කරන කොටස් ව්‍යාපාරයක් සාර්ථකව ගොඩ නැගීම, ගනුදෙනුකරුවන් වර්ධනය කර ගැනීම සඳහා අලෙවිකරණ උපායමාර්ගය භාවිතා කිරීම, මුල්‍ය සැලසුම්කරණය හසුරුවා ගැනීම සහ දිගු කාලීනව ව්‍යාපාරික සාර්ථකත්වය සහතික කිරීම වැනි පුළුල් පරාසයක මාතෘකා ය.
සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමට කැමති ඕනෑම කුඩා ව්‍යවසායකයෙකු සඳහා සුවිශේෂී වටිනාකමක් ලබා දෙන මෙම වැඩසටහනට පුළුල් අවබෝධයක් ඇතුළත් වේ.
මෙම වැඩ සටහනට ඇතුළත් වන්නේ කුමක්ද?ඔබේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික තොරතුරු ලබාදීමේ අරමුනෙන් මෙම වැඩසටහන සැලසුම් කර ඇත. අප විසින් ආවරනය කරන කොටස් සදහා ඔබ විසින් වෘත්තිකයන් බඳවා ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය කිරීම අනිවාර්ය වේ.
නමුත් අපේ ප්‍රවීණ දේශකයන් ඔබට අවශ්‍ය ඒ මුලීක දැනුම ලබා දීමට ඉදිරිපත් වී සිටියි. අපගේ ප්‍රවීණයන් ඔවුන් ගේ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ උපායමාර්ගිකයින් සහ වෘත්තිකයින් වන අතර ඔබට සහ ඔබේ ව්‍යාපාරය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ දැනුම හා ප්‍රවීණතාවය ලබා දීමට ඉදිරිපත් වී සිටියි.
ඔබ අප සමග ලියාපදිංචි වූ විට, අපගේ ප්‍රවීණයන් ගේ දැනුම් සම්භාරයට ප්‍රවේශ වීමට ඔබට හැකිවේ. සමන්විත වීඩියෝ පට වෙත ප්‍රවේශය ලබා ගැනීමට මෙන්ම ඔවුන් ගේ දැනුම ඇතුලත් video පට සහ ලිපි මෙන්ම ඔවුන් හරහා ව්‍යාපර දැනුම ලබා ගැනීමට ඔබට හැකිවේ.
වර්ධනයේ දෙවන අදියර කරා යද්දී ඔබට සහභාගී විය හැකි පසු විපරම් ක්‍රියාකාරකම් ඇත. ඔබේ භාණ්ඩ සහ සේවා අපේ ඔන් ලයින් ecommerce site www.satyneshop.com හරහා අලෙවි කිරීමේ හැකියවද ඔබට හිමි කරගත හැක.ඔබ ලියාපදිංචි වන විට, කාන්තා ව්‍යවසායිකාවක් ලෙස අප ඔබ වෙනුවෙන් සකස් කර ඇති ඊ -වාණිජ්‍ය වේදිකාවක් මගින් online වෙළෙඳපොළට ප්‍රවේශ විය හැකිය.
www.satyneshop.com තුලින් ඔබට ඔබේ නිෂ්පාදන සහ සේවාවන් අන්තර්ජාලය හරහා අලෙවි කළ හැකිය.මෙමගින් අපි ඔබට ලබා දෙන අවස්ථාව නම් වෙළඳපොලකට ප්‍රවේශ වීම, මුදල් රහිත ගෙවීම් කිරීම සහ බෙදා හැරීමේ විකල්පයන් වන අතර ඒ සියල්ල ඔබේ ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වේ.
ඔබ සුදුසු ද යන්න සොයා බලන්න.ඔබ කුඩා ව්‍යාපාරයක් කරනවාද? එය වර්ධනය කිරීමට අදහස් කරනවාද?ඔබට හොඳ අදහසක් සහ අධිෂ්ඨානයක් තිබේද? එය ඉටු කර ගැනීමට සහ එය ගොඩනැගීම සඳහා කැපවීමක් ඔබ තුල තිබෙනවාද? ඔබට සම්බන්ධ විය හැක්කේ කෙසේද?වැඩසටහන සඳහා ඔබට ලියාපදිංචි විය හැක – අපි සීමිත ප්‍රමාණයක් පමනක් තෝරා ගන්නා බැවින් ඔබ හැකි ඉක්මනින් ලියාපදිංචි විය යුතුය. ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට මෙය ඔබට ඇති අනගි අවස්ථාවක් – කුඩා ව්‍යාපාරයක් වශයෙන් ඔබේ සාර්ථකත්වය ගොඩ නගාගන්න.
https://www.ndbbank.com/vanithabhimana