ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?

ගුරුවරුවරයෙක් දවසක් පන්තියේ ළමයින්ගෙන් අහනවා රු. 5000 නෝට්ටුවක් පෙන්නලා මේකේ  වටිනාකම කියද කියලා. ළමයින්  කියනවා රු 5000 යි සර් . ගුරුවරයා එම  නෝට්ටුව පොඩි කරලා අහනවා දැන් වටිනාකම කීයද  කියලා.

නැවතත් ළමයින් එම පිළිතුරම පැවසුවෝය . ගුරුවරයා නැවත වරක් එම  නෝට්ටුව තවත් පොඩි කර  බිම දාලා කකුලෙන් පාගලා  නැවත වරක්  අහනවා දැන්  වටිනාකම කියද කියලා. එත් ළමයින් පවසුවේ  එය රුපියල් 5000ක් බවයි.

මේ මඟින් ගුරුවරයා දරුවන්ට පැවසුවේ  මිනිස්සුන්ගේ ජීවිතත්  කොපමණ  පහත් කලත්  පොඩි කලත් හැම ජිවිතයකටම වටිනාකමක් තියෙන බවයි. . (අන්තර් ජාලය ඇසුරින්)
ලෝකයේ ඉපදී , ජිවත් වන සියලු දෙනාටම වටිනාකමක් තියෙනවා .

අපි තේරුම් ගන්න අවශ්‍යයි එහි  යාතාර්ථය. කොතරම් බාධා අභියෝග අපහට පමිනුනත් අපේ වටිනාකම අඩුවෙන්නෙ නැ.

මෙනිසා  අපට ලැබුන වටිනාකම වැඩිකර ගන්න උත්සහා කල යුතුය.  එවගේම අපේ වටිනාකම අඩුවන ආකාරයේ  හැසිරිම් , කල්පනා සහ  සිතුවිලි වලින් මිදිලා අභියෝග වලට මුහුන දිය යුතුය.

අබාධිත දරුවෙක් සිටින මවක් නම් නිතරම  දරුවා මගේ  ජිවිතයට වටිනාකමක් ලබා දෙන්න පැමිනි දරුවෙක් කියලා සිතමින් ක්‍රියා කිරීම වැදගත්වේ.  එවිට ඔබගේ ජිවිතයට නොසිතු වටිනාකමක් මෙන්ම වාසනාවක් උදාවේ.
පුංචි කතාවක් කියන්නම් එක්තරා මවකට සහ පියෙකුට දරුවෙක් ලැබුනා. මේ  දරුවා ටිකෙන් ටික වැඩෙනකොට  දෙමාපියන් දැනගන්නවා  දරුවා අබාධිත බව . කෙසේ වෙතත් දරුවා වැඩෙන විට පියාට රැකියාව අහිමි වෙනවා.

නමුත්  තාත්තා තමන්ගේ වටිනාකම අඩුවෙන් හිතන්නේ නෑ . ඔහු තම දරුවා බලා ගන්න ගමන් රැකියාවක නිරත විමට අපහසු දෙමාපියන්ගේ  දරුවන් බලා ගැනීම  සඳහා  දරුවන්  බලාගන්න මධ්‍යස්ථානයක්  නිර්මාණය කරනවා. බලන්න එ පවුලේ සාමාජිකයන්ගේ ජිවිත වටිනාකම වැඩිකර ගත් ආකාරය ……

මම මගේ ජීවතයේ අත්දැකීම් ඔබට  පවසමි ……
මට නිසි ලෙස  ඇවිදිමට අපහසු බව  දැනුන දා සිට මගේ අබාධිත තත්වය ගැන නොසිතා  මට ලැබුන ජීවිතයට වැඩි  වටිනාකමක් එක්කර ගැනීමට මම නිතරම කැපවීමෙන් කටයුතු කරනවා.  අබාධිත කාන්තාවක් ලෙස මට තිබෙන  ශක්තින් සහ අවස්ථා  උපයොගි කර ගනිමින් මට එළඹෙන  අභියෝග වලට හොඳින් මුහුණ  දෙමින්   අභියෝග  ජය ගැනීමට  හැකි සැමවිටම ක්‍රියා කරනවා.
ලෝකයාට මම ආබාධිත  බව පෙනුනත් අනිත් අයට වගේම  මගේ ජීවිතයටත් වටිනාකමක් තියෙනවා. ඒ නිසා  කිසී විටෙකත් අබාධිත බව ඔබගේ ජීවිතයේ ඉදිරි ගමනට බාධාවක් කර ගන්න එපා.   සැමවිටම  මම අබාධිතයෙක් ..  මගේ එදිනෙදා කටයුතු මම කෙසේද කරන්නේ.. මගේ ඉදිරි අනාගතයට කුමක්වේද? වැනි රිනාත්මක සිතුවිලි ඔබගේ මනසෙන් ඉවත් කලයුතුවේ.
එසේ නොකළහොත් ඔබගේ ආබාධිත තත්ත්වය නොව ඔබගේ මනසේ පවතින මෙම  රිනාත්මක සිතුවිලි ඔබව පරාජිතයෙක් බවට පත් කරයි.
ලොව කිසිදු පුද්ගලයෙක් අවතක්සේරුවට ලක් කිරිමට අපට අයිතියක් නැත. එලෙසම තමන්වද අවතක්සේරු නොකළ යුතුය. . විශේෂයෙන් රැකියාවක් නොකර නිවසේ සිටිමින්  තම දරුවන්ගේ  සහා සැමියාගේ වැඩ කටයුතු කරන බිරින්දෑවරු බොහෝ දුරට  තමන් ගැන අඩු තක්සේරුවකින් සිතිම අද සමාජය තුල දක්නට ලැබේ.
නමුත් මොහොතක් සිතූවොත් ගෙදර අම්මා නැතිනම් නිවසේ අනිත් අයට  ඔවුන්ගේ  ජීවිත වලට වටිනාකමක්  ගොඩනාගාගන්න පුළුවන් වෙයිද ……  එසේ සිතුවොත් නිවසේ සියලු වැඩ කටයුතු කරන  මව හෝ බිරිඳ  නේද පවුලේ අනිත් සාමාජිකයන් ගේ ජිවිත වල  වටිනාකම වැඩිකර ගැනීමට ක්‍රියා කරන්නේ . ඒ සඳහා මිල නියම කල නොහැකි වටිනාකමක් ඔබට තිබෙන බව ඔබ දන්නවාද?
රැකියාවක නියුතු   කාන්තාවක් ලෙස ඔබටද මිලකල නොහැකි වටිනාකමක් තියෙනවා.  දක්ෂ  කළමනාකරුවෙකු ලෙස නිවසේ වැඩ කටයුතු මෙන්ම  තම රැකියාව  ස්ථානයේ  වැඩ කටයුතුත් නිමකරන ඔබ ඔපදැමු මැණිකක්. ඔබේ වටිනාකම ඔබටම  සුලුවෙන් හෝ දැනෙනවා නේද? එය  තව තවත් එය වැඩිකර ගැනිමට කටයුතු කරන්න. මම හුගක් කාර්‍යබහුලයි.
මට වැඩ වෑඩියි වැනි සිතුවිලි ඔබගේ මනසින් ඉවත් කර ගන්න . සැමවිටම  ජීවිතය සැලසුම් කරමින්  ඔබගේ වටිනාකම වැඩි කරගන්න.

ඔබ  දක්ශ කළමනාකරණාකාරිනියක් වන්න ක්‍රියා කරන්න .

තමන්ගේ වටිනාකම වැඩිකර ගැනිමට සිතිම ඔබගේ විනෝදාංශය කර ගන්න.සැමවිටම  ධනාත්මක සිතුවිලි වලින් පරිපුර්න වන්න. එවිට ඔබගේ ජීවිත වටිනාකම  ඔබ නොදනුවත්වම වැඩිවේ.