ඔන්ලයින් ඉගෙන ගන්න ළමයින් සිටින මවුවරු අනිවාර්යෙන් දැන ගත යුතු දේවල්

ඔබටත් ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න ළමයින් ඉන්නවද? එහෙනම් ඔබ දන ගත යුතුම දේවල් කිහිපයක් ගැන මෙම ලිපියෙන් සාකච්චා කරනවා. විශේෂයෙන්ම වර්තමාන කොවිඩ් පසුබිමත් සමග තාක්ෂණයෙන් දියුණු වූ ලෝකෙක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරනවද යන්න සොයා බැලීම දෙමවුපියන් ලෙස ඔබේ වගකීමකි. ඔබ දරුවන් කෙරෙහි නිසි අවදානය දෙනවද?

1. ඔන්ලයින් ක්‍රමයට ළමයින් කරන්නේ මොනවද යන්න ඔබ දැනුවත්ද?

ළමයින්ට හුදෙක් ස්මාර්ට් ෆෝන් එකක් හෝ, පරිගණකයක් ලබා දේම ප්‍රමාණවත් නැත. ඔවුන් ඒවා නිසි අයුරින් භාවිත කරනවද යන්න ඔබ දැනුවත් වීම අනිවාර්යෙන්ම කල යුතු දෙයක් වේ. මේවා නොදැනුවත්ව පාවිච්චියෙන් දරුවන් විවිධ මනස කලබන දේවල් වලට යොමු වේම අවධානම වැඩි අතර ඔබ අවුන් කරන්නේ මොනවද යන්න මන අවධානයෙන් බලා සිටිය යුතුය. ඔබ කොපමණ කාර්ය බහුල වුවත් දරුවා හට කාලය යොමු කිරීම දෙවවුපියන් ලෙස ඔබ කල යුතු දෙයකි.

2. දරුවා පිලිබද සොයා බැලීම.

දරුවා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න විට පමණක් නොව ඔවුන් සාමාන්‍යයෙන් දවසේ කරන්නේ මොනවද කියා ඔබ සොයා බැලීම කරන්න. කාලය අපතේ නොයවා රියාකාරකම් වල යොදවන්න. සමහර දරුවන් පරිගණකයේ හෝ දුරකතනයේ දවසම කාලය නාස්ති කරන අතර මෙම ස්මාර්ට් උපාංග භාවිතය නිසි ලෙස කළමනාකරණය කරන්න වග බලා ගන්න. දවසේ කාලසටහනකට දෛනික වැඩ කටයුතු කිරීමෙන් වැඩ අතපසු නොවී නිසි වේලාවට කර ගැනීමට හැකි වේ. එයින් දරුවන් කරන්නේ මොනවද යන්න ඔබට අවදානය ලබා ගත හැකි වේ.

3.දරුවන් සමාජ මාධ්‍ය තුලින් අනතුරු වලට ගොදුරු විය හැකි ක්‍රම

සමාජ මාධ්‍ය තුලින් සිදුවිය හැකි අනතුරු සහ ඒවාට ළමයින් ගොදුරු විය හැකි ක්‍රම ගැන ඔබ දැනුවත් වන්න. නිවසේ සිටියත් ඔබ දරුවන් ගැන නිසි ලෙස දැනුවත් වන්න. සමාජ මාධ්‍ය භාවිතය අවම කරන්න. අද වන විට දරුවන් බොහෝ විට පාලුවෙන් කාන්සියෙන් සිටින අවස්ථා වලදී ඔවුන් සතුට සොයා විවිධ දේ අත්හඩ් බැලීමට යුහුසුළු වේ. මේවයින් බාලවයස් ළමයින් ගැබ්බර වීමත්, අපයෝජන වලට ලක් වීමත් වැනි දේවල් වර්තමානයේ අසන්නට ලැබේ. ඔබේ දරුවා මෙවැනි දේවල් වලින් මුදවා ගන්න ඔබ සමාජ මාධ්‍ය තුල ඔවුන් කරන්නේ මොනවද යන්න සොයා බලන්න. විශේෂයෙන් දරුවන් තනි නොකර ඔවුන්ට ආදරණිය වදන් වලින් කතා කරමින් ඔවුන් සමග නිතර කතා කරන්න. නිතර ළමයින් සමග රැදෙන්න. ඔවුන්ගේ ප්‍රශ්න කතා බහ කර දැනගන්න. යහළුවෙක් වෙන්න.

4.දරුවාගේ එදිනෙදා හැසිරීම් රටා ගැන ඔබ සැලකිලිමත් වන්න.

දරුවන් එදිනෙදා හැසිරෙන ආකාරය ගැන ඔබ සැලකිලිමත් වී සිටීම ඉතා වැදගත් වේ. සාමන්යෙන් දරුවා හැසිරෙන කතා බහ කරන විදි වෙනස් නම් ඔබ ඔවුන් පිළිබද විශේෂයෙන්ම සොයා බැලිය යුතුය. දරුවන් වෙනද මෙන් නොව කාමරයටම වී, දුරකතනයේ හෝ පරිගණකයේ කාලය ගත කරනවද කියා ඔබ නිරීක්ෂණය කරන්න. ඔවුන්ගේ සුළු සුළු වෙනස් වීම් පවා මහා විනාශයක මුල විය හැක.

5. ඔබගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් තුලින් දරුවන් ප්‍රවේසම් කර ගන්න.

දෙමවුපියන් ලෙස ඔබ සමාජ මාධ්‍ය භාවිත කලත් ඒවා දරුවන් අතට පත් නොවන ලෙස වග බල ගන්න. නොයෙක් විට අප නොදැනුවත්වම අපේ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දේවල්, කෙටි පණිවිඩ පැමිණිය හැක. මේවා දරුවන් අස නොගැටෙන සේ තබා ගැනීමට ඔබ දැනුවත් වන්න. ඔබේ දුරකථනය හෝ පරිගණකය දරුවන්ට ලබා දීමේදී නිසි ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් බැහැර වී (log out) ඒවා ලබා දෙන්න. දරුවන්ට අනවශ්‍ය දේවල් නෙත ගැටීමේ ඉඩ දුරස් කරන්න.

මෙවැනි තවත් මවුවරුන්ට වැදගත් ලිපි කියවන්න.