උත්සව සමයට ගැලපෙන Fashion තෝර ගන්නේ කොහොමද?

Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින එක එක Fashionable දේවල් කරන කාලයක්.නමුත් අද අපි ඔබට කියන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි.Fashion කරනකොට අපි හැම වෙලාවේදීම අපිව විහිළුවට ලක් වෙන්නේ නැති අපිට ගැලපෙන Fashion තෝරා ගැනීම වැදගත්.අපි ඒ ගැන කතා කරමු.

1.Fashion තෝරා ගන්නකොට ඔබේ සිරුරේ හැඩය ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි.
ගොඩක් අය Fashion තෝරා ගන්නකොට මේ පිලිබදව හිතන්නේ නෑ .තව කෙනෙක්ට ගැලපුනාට ඔයාට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.සමහර මෝස්‌තර ගැලපෙන්නේ උස අයට.සමහර මෝස්‌තර ගැලපෙන්නේ සිහින් සිරුරක් ඇති අයට විශේෂයෙන්ම එය වැදගත් වන්නේ අපේ රටේ බහුතරය සාමාන්‍ය උසක් තිබෙන කාන්තාවන් බැවින්ය.සෑම විටම තමන්ගේ ශරීරයේ හැඩය සහ උස පිලිබදව මනා ලෙස අධ්‍යනය කරන්න.ඔබගේ සිරුරේ හැඩයට සහ වයසට ගැලපෙන Fashion පමණක් තෝරා ගන්න.එවිට ඔබගේ ලස්සන අන් අයට පෙනේවි.

2.තමන්ගේ සමේ වර්ණය පිලිබදව සැලකිලිමත් වෙන්න.
තමන්ගේ සමේ වර්ණයට ගැලපෙන පාටවල් වලින් යුතු Fashion තෝරා ගන්න.ඔබට ඇත්තේ කළු පැහැයට හුරු සමක් නම් ලා වර්ණ හැම විටම තෝරා ගන්න.එවිට ඔබට දීප්තිමත් පාටක් ගෙන දෙයි.ඔබ සුදු පැහැති හෝ පැහැපත් පැහැති නම් ඔබට වර්ණ රැසක් ගැලපුනද තද වර්ණයන්ගෙන් Fashion කිරීමෙන් වැලකි සිටින්න.ඒ වගේම මතක තබා ගත යුත්තේ දහවල් හෝ උදේ වරුවේ පැවැත්වෙන උත්සව වලට මෙන්ම දහවල් වරුවේ පිටතට යන විට සමට සුවදායි වර්ණ එනම් ලා වර්ණ වලින් සැරසෙන්න.ඔබේ සමට එයින් සිසිලක් ගෙන දෙනවා මෙන්ම දවසේ අවස්ථාවට ගැලපේ.ඒ වගේම රාත්‍රියේ හෝ සවස අවස්තාවකට ඔබට තද වර්ණ තෝරා ගත හැක.සාමාන්‍යයෙන් Fashion කරනකොට තද වර්ණ තෝරා ගන්නේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදීය.

3.කොටට අදිනවාද යන්න තීරණය කල යුත්තේ ඔබේ සිරුර්රේ හැඩය අනුවයි.
කොටට ඇදීම විලාසිතාවක් වුවත් ඔබේ සිරුරේ හැඩය අනුව ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.ඔබට ඇත්තේ සිහින් සිරුරක් නම් ඔබට කොටට ඇදීමට හැකි වෙනවා .නමුත් ඔබ ස්ථුල හෝ තරබාරු නම් කොටට අදින Fashion ගැලපෙන්නේ නැති බව මතක තබා ගන්න.එයින් සිදු වන්නේ ඔබේ තරබාරු බව තවත් ඉස්මතු වීම පමණි.

4.Fashion කරන්න කලින් ඒ පිලිබදව හොදින් නිරීක්ෂණය කරන්න.
කාලෙන් කාලෙට එන Fashion වලට වඩා ඔබට ගැලපෙන හා පවත්වාගෙන යා හැකි Fashion තෝරා ගන්න.එවිට ඔබට පසු කාලෙකදී ඇදුම් අයින් කිරීමට හෝ ඇදුම් යලි මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත.හැම විටම මතක තබා ගත යුත්තේ Fashion යනු හැමදාම කල හැකි දෙයක් බවය.