ආච්චිගේ 60 හැවිරිදි අනියම් පෙම්වතාගෙන් මිනිබිරියට ලිංගික අතවර …….

වයස අවුරුදු 15ක් වන දෙමාපියන්ගේ රැකවරණය නොමැතිව ආච්චිගේ භාරකාරත්වය යටතේ සිටින මෙම දරුවා ආච්චිගේම 60 හැවිරිදි අනියම් පෙම්වතාගේ දරුණු ලිංගික අතවරයන්ට ගොදුරු වී ඇත.

දරුවන් මෙලෙස නොයෙකුත් ලිංගික හිංසනයන්ට ලක්වීම දිනපතාම අපට ඇසෙන තවත් ප්‍රධාන පුවත් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය පුළුල් වීමත් සමඟම මෙවැනි පුවත් අපට නිතරම ඇසෙන නමුත් මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ සිටම මෙවැනි අපරාධ සිදුවී තිබේ.

මේ නිසාම අද ළමුන් ආරක්ෂා කිරිම සඳහා නීති සැකසී ඇත. 1989දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කළ ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ හරය වන්නේ “ළමයාට උපරිම
යහපත” සැලසීමයි.

නමුත් අපට නිතරම දැනගැනීමට ලැබෙන මෙවැනි ළමා ලිංගික හිංසනයන් තුලින් ළමයාට උපරිම යහපත සැලසේද?
වයස අවුරුදු 18ට අඩු සියලූ අය ළමුන් ලෙස සලකනු ලබයි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු සමග යම් තැනැත්තෙකු ගැහැණු ළමයාගේ සිය කැමැත්ත අනුව වුවද ලිංගික ක‍්‍රියාවක යෙදුණද එය ළමා ලිංගික අපචාරයක් ලෙස සැලකේ.

දරුවන්ගේ අනාගතය මෙලෙස කෙලෙසා දමන නරුම පුද්ගලයින්ට දිය යුතු දඬුවම සාධාරණද?

නීතිමය කරුණු සැලකිල්ලට ගත්කල බොහෝ විට මෙවැනි නඩුවක් විසඳීමට අවුරුදු ගණනාවක් ගතවෙනවා. එම කාලය තෙක් අපරාධකරු සමාජයේ නිදැල්ලේ හැසිරෙනවා. එය තවත් දරුවෙකුගේ ජීවිතයට අනතුරක් විය හැකිය.

එමෙන්ම නඩුව විසඳන කාලය වනවිට අපරාධකරු මහලු වයසටත් පැමිණ තිබේ. පසුගිය වසරක රටපුරා මහත් ආන්දෝලනයට ලක්වූ සේයාට සිදුවූ විපත.

එහි අපරාධකරු අපගේම බදු මුදල් වලින් සිරගෙදර තුල බඩ පුරවාගෙන ජීවත් වෙනවා. නොබෝදා තවත් ආන්දෝලනයට ලක්වූ පුවතක් වන බාලවයස්කාර දරුවෙක් ගණිකා වුර්තියේ යෙදවීම.

අයි සමාජය මෙලෙස දරුවන්ගේ ජීවිත විනාශ කරන්නේ? දරුවන්ට ළමා කාලයක් තියෙනවා.

ඒ ළමා කාලය සුන්දරව ගත කරන්න ඔවුන්ට ඉඩ දෙන්න. දරුවන් කියන්නේ රටේ අනාගතයි.

මෙලෙස දරුවන්ගේ ජීවිත විනාශ කිරීමෙන් ඒ දරුවන්ගේ අනාගතයට කුමක් සිදුවේද?

ඒ නිසා මේ සම්බන්ධව දැනට තිබෙන නිතිරිත් වලට වඩා දැඩි නීති රීති පැනවීම වඩා වැදගත් වෙනවා.

දරුවන් ලිංගික අපචාර වලට යොමු වන අවස්ථා

• අද අපට ඇසෙන තොරතුරු වලට අනුව දරුවන්ට ලිංගික අතවර සිදුවනුයේ පවුලට සමීපතම කෙනෙකුන්ය. බොහෝවිට එම පුද්ගලයා නිවසේම සිටින කෙනෙකු හෝ නිවසට නිතරම පැමිණෙන පවුලේම ඥාතියෙක් විය හැකිය .

• ඔබගේ දරුවා පාසල් යන වෑන් රථයේ රියදුරු හෝ ඔහුගේ සහයකයාගෙන්ද . දරුවාට ලිංගික අතවර සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන්න .මේ නිසා දරුවා නිවසට පැමිණි පසු වෑන් රථයේ සිදුවුන දේවල් පිලිබන්දව මෙන්ම කතා කල දේවල් පිළිබඳව දරුවාගෙන් විමසන්න.

• සවස පවත්වන අමතර පන්ති සහ වෙනත් පුහුණුවීම් වලට සහභාගිවීමේදි නිසැකවම දරුවන්ගේ ගමන් පිළිබඳව විමසිලිමත්වන්න.

• වර්තමානයේ දරුවන්ට සිප්සතර උගන්වන සමහර ගුරුවරුන්ද මෙවැනි ක්රියා වල නිරත වන බැවින් ඒ පිළිබඳවද සැලකිලිමත්වීම වඩා වැදගත් වේ.

• අද දරුවන් බොහෝ කාලයක් අන්තර්ජාලය හා සම්බන්ධව සිටින බැවින් ඔබ නොදනුවත්වම ඔබගේ දරුවා ලිංගික අතවරයනට ගොදුරු විය හැකිය .Face book , whatsapp හරහා SMS මගින් අලූත් මිතුරන් ඇතිවේ. සමහරවිට ඔවුන් වංචාකරුවන් හෝ අපරාධකරුවන්ය.

නැතහොත් ලිංගික අපරාධකරුවන්ය. එබැවින් දරුවා අන්තර්ජාලය මෙන්ම ජංගම දුරකථන භාවිතයේදී විමසිල්ලෙන් පසුවන්න.

මෙවැනි ලිංගික අපරාධකරුවන් දුරකථනය හරහාද දරුවන් ලිංගික ක්‍රියාවන් වලට යොමු කරන බැවින් රාත්‍රී කාලයේදී දුරකතනය භාවිතා කිරීමේදී වැඩි අවධානයක් දෙන්න.

දෙමාපියන්ගේ වගකීම

දරුවන් හොඳින් රැකබලා ගැනීම දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්රධානතම වගකීමක් වේ.මේ නිසා ඔබගේ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කලයුතුය.
දරුවට කරදයක් වෙන්න කලින් එවැනි දෙයක් ඇති නොවීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

එබැවින් හැකිතාක් දරුවන් සමග වැඩිපුර කාලය ගත කරන්න. සමාජයේ වර්තමාන තත්වය මෙන්ම ලිංගික හිංසනය පිළිබඳව දරුවා දැනුවත් කරන්න.

දරුවා ගැහැණු ළමයෙකු නම් සෑම විටම ඇයගේ හොදම මිතුරිය මව විය යුතුය’ එවිට සැමවිටම සියලූ තොරතුරු මවට දැන ගත හැකිය’ එවිට දරුවාගේ කැමැත්ත මත වුවද සිදුවිය හැකි ලිංගික අපරාධයක් වලක්වා ගැනීමට අවශ්ය පියවර ගැනීමට මවට හැකිවනු ඇත. නීතියෙන් සිදුවනුයේ අපරාධකරුට දඩුවම් දීම පමණයි. නමුත් දරුවාට සිදුවන හිංසනය දරුවාම දරාගත යුතුය. මේ නිසා දරුවන් කෙරෙහි සැමවිටම අවධානය යොමු කිරීම වඩා වැදගත් වෙයි.