අලුත් අවුරුදු සමය අත ළඟයි. කොවිඩ් සමඟ ගෙවුණු අසීරු කාලය කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට වටපිටාවක් නොමැතිව අවුරුදු දෙකක කාලයක් අප සියලු දෙනා ඉතා අපහසු පරිච්චේදයක් පහු කරමින් ඉදිරියට පැමිණ ඇත. මෙවන් සමයක අප පිටතින් පමණක් නොව ඇතුළතින්ම අලුත් වීමට හැකිනම් එය ඉතා වටිනා කාරණයක් වනු ඇත. ඔබේ ජිවිතයට යමක් අලුතෙන් එකතු කර ගැනීමට මෙම අවුරුද්දේ අදිෂ්ඨාන කර ගන්නේ නම් ඔබට ගතින් මෙන්ම සිතිනුත් වෙනස් වීමට හැකියව තිබේ.
1. ඔබට ඔබේ ආකල්ප වෙනස් කර ගැනීමට හැක.
ඇතැම් ආකල්ප කාලයත් සමග වෙනස් විය යුතුය. අප නොදැනුවත්වම අප තුල යල් පැනගිය අදහස් තිබෙන්නට පුළුවන්. ඒවා නව්‍යකරණයත් සමඟ අපට නොගැලපෙන බවට පත් වේ. එම නිසා මෙම උදාවන අලුත් අවුරුද්දේ ඔබේ ආකල්ප පිලිබඳ නැවත සිතා බලා ඒවා අලුත් කර ගැනීමට ඔබ සිතන්නේ නම් ඔබට මනසින් අලුත් විය හැක. පැරණි ආකල්ප ගැන සිත සිත නොසිට කාලයට අනුව අලුත් විය යුතුය.
2. මානසික සෞඛ්‍ය පිලිබඳ ධනාත්මකව සිතීම.
කොවිඩ් වසංගතය සමඟ ඇතිවූ ආර්ථික පීඩනය මත අපේ මානසික සෞඛ්යද විශාල ලෙස බලපෑමට ලක් විය. බොහෝවිට මෙයට මුහුණ දෙන්නේ පවුලේ දුක සැප සියලු දේ දරාගන්නා කාන්තාවටයි. කොවිඩ් සමග ඇති වූ නව සමාජ වෙනස් වීම ඉතා දැඩිව කාන්තාවට දැනෙන්නට විය. ගෘහස්ත හිංසන වලද වැඩි වීමක් දක්නට ලැබුණි. නමුත් දන් එම කාලය පහව යමින් පවතී. නැවත අපගේ ආර්ථික මට්ටම් යථා තත්වයට පැමිණෙන මේ කාලය ඔබ ඔබේ මානසික සෞඛ්‍ය පිලිබඳ වැඩි අවදානයක් යොමු කරන්නේ නම් එය ඉතා වටිනේය. ධනාත්මක චින්තනය ඇති කර ගන්න. සුභ වාදීව දේවල් දෙස බලන්නට නැවත ඔබට මනස හුරු කරව ගන්න. නව ආකල්ප තුලුන් නව ව්‍යවසායක අවස්ථා ඇතුළුව ඔබේ ජීවිතය අලුත් කර ගැනීමට මෙම අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කර ගන්න. එයින් ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටත් ප්‍රීතියක් ගෙන දෙන්නක් වේවි.
3. සමීපතමයන් සමඟ සම්බන්ධ වන්න.
අපට අපේ ජිවිතයේ ඕනෑම දෙයක් බෙදා හද ගැනීමට සිටින්නේ අපේ සමිපතමයන්ය. බොහෝ විට අපට පුංචි දේවල් වලින් ඔවුන්ව මග හැරෙන අවස්ථා බොහොමයක් ඇත. මෙම අවුරුද්ද ඔබේ සමීපතමයන් සමග ඇති සම්බන්ධතාවයන් අලුත්වැඩියා කර ගැනීමට යොදා ගන්න. ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔබේ පොඩි කැපවීමකින් ඔබේ පවුලේ අය, යහළුවන් සමග සිතින් ලං වීමට හැක. පරණ සුන්දර මතකයන් අලුත් කර ගැනීමටත් අලුත් මතකයන් වැඩි කර ගැනීමටත් ඔබට හැකිය.
4. ඔබ ඔබ තුලින්ම අලුත් වන්න.
ඔබ පරණ දේවල් මතක් කරමින් දුක් වෙනවද? වෙනස් කල නොහැකි දේවල් පිලිබඳ පසුතැවෙමින් සිටිනවාද? අප සියලු දෙනාටම තිබේ කාලය ඉතා සීමිතයි. එම නිසා මේවා ගැන සිතමින් දුක් වන එක ඔබේ මනසට එතරම් හොද නැත. මෙයින් මනස පමණක් නොව එම සිතුවිලි වලින් ඔබේ ශරීරයද ලෙඩ වීමට හැකිය. ඔබට අලුත් පුරුදු ඇති කරගත හැක. සෞඛ්‍ය සම්පන්න අහාර රටාවකට වෙනස් වන්න. ඇදුම් පැළදුම් ගැන සොයා බලන්න.
5. අලුත් දේවල් ජිවිතයට එකතු කර ගන්න.
මේ උදාවන අලුත් අවුරුද්දේ ඔබේ ජිවිතයට අලුත් පුරුදු එකතු කරගන්න. ඇවිදින්න, ව්‍යායාම වල යෙදෙන්න වෙනම වෙලාවක් වෙන් කර ගන්න. ඔබේ සෞඛ්‍ය ගැන නොසලකා හරින්නේ නැතිව ඔබ වෙනස් වෙන්න. අලුත් විලාසිතාවන් ගැන සොයා බලන්න. ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න කර ගන්න. ඔබේ මුහුණ, සම ගැන සිතන්න. ඔබගේ විවේකය හා මානසික සතුට ගැන සැලකිලිමත් වන්න. නැවතත් ඔබට අලුත් විදිහට ජිවිතයට මුහුණ දීමට අවශ්‍ය අරමුණු ඇති කර ගන්න. ජිවිතයේ ඉදිරිය ගැන සිත බල කටයුතු කරන්න.