වැලන්ටයින් දිනේ එනවා කියලා කවුද කිව්වා…

සාමාන් දවසක් අසාමන් කරන්න පුලුවන් දවසක් ලු

 

ඉතින් මමත් පටන් ගත්තා දැන් ඉන්දලාම හස්බන්ඩ් අයිඩියාස් දෙන්න. ඇයි ඉතින් පිරිමින්ට ඕවා මතක නැහැනේ වරින් වරේ කිව්වෙ නැත්තම්.

 

මුලින් ඇහෙන්නේ නැහැ වගේ ඉන්දලා කිව්වා මොනවද ඕනේ කියලා. මමත් ඉතින් ඇරියේ නැහැ. හින්ට් පාස් කරා අරවා ගැන මේවා ගැන. චොකලට්, රෝස මල් වගේ ගැහනු අපට සන්වෙදි දේවල් ගැන.

 

දවස් ගෙවුනා. දරුවන් ගේ වැඩ, ගෙදර වැඩ, මගේ ඔෆ්ස් එකේ වැඩ වගේම දවසේ වැඩ කටයුතු අස්සේ වැලෙන්ටයින් අමතක වුනාලාවට වගේ.

 

හැබැයි ඉතින් හැම තැනම වගේ අපිට මතක් කර දුන්නා අර දවස ලග ලගම එනවා කියලා.

 

ගත්තා කෝල් එකක් වැඩ අඩු වෙලාවක. මහත්තයාට.

 

\”මොකද?\” එයා ඇහුවා, \”ලෙඩක් ?\” හරියට මම එයාට කෝල් කරන්නේ ලෙඩ වුනහම විතරයි වගෙ.

 

තරහා යටපත් කරන් මම කිව්වා \”නැහැ මේ අර වැලන්ටයින් දිනේ එනවානේ මතක්ද?\”

 

හ්ම් කිව්වා බස්සෙක් වගේ.

 

\”මට මොනවද දෙන්නේ එදාට\” මම කෙලින්ම ඇහුවා. දැන් හින්ට් ගහ ගහ ඉන්න කල් නැහැ.

 

පිස්සු නැතුව වැඩ කරන්න අනේ කියපි මගේ මහත්තයා.

 

මම ෆොන් එක තිබ්බාට අදහස අත හැරියේ නැහැ. කොහොම හරි එදාට මොනවා හරි ගෙන්න ගන්නව කියලා හිතා ගත්තා.

 

කොහොම හරි මට දිනේ කිට්ටු වෙන කොට වැඩ ගොඩක් සෙට් වෙලා දවස එනකන්ම අමතක වෙලා ගියා.

 

ලමයි  “Be my Valantine Ammi” කියලා මට උදේ කාර්ඩ් එකක් දුන්නම තමයි ඔන්න ආයිත් මට 

මතක් වුනේ.

 

ගත්තා ෆෝන් එක. කෝල් කරා.

 

මේ ඇහුනද? අද ගෙදර එන කොට අමතක නොකර ගේන්න හිස් තැනක් හිස් තැනක්.

 

බස්සා හ්ම් ගැවා. ගාල තිබ්බා ටක් ගාලා.

 

ඔන්න ඉතින් දවස පුරා ඔෆ්ස් එකේ කෙල්ලො කොල්ලො කියවනවා මල් ගැනයි, චොකලට් ගැනයි, රෑට කැමට යන එක ගැනයි. මටත් ඉතින් හවස වෙනකන් ඉවසිල්ලක් නැහැ. දැම්මා මැසේජ් කිහිපයක් කේක් ඩිලිවරි තැන් ගැන කියලා. නෝ ස්වුන්ඩ්.

කොහොම හරි එදා දවස අවසානයේ ගෙදර ගියේ සතුටු සිතින්. මොනව හරි ගෙනැල්ලා ඇති කියන සිතුවිල්ල හිතේ හොල්මන් කරනවා.

 

ගෙදර ගියාම මැන් ඇවිල්ලා නැහැ. හිටියා බලාගෙන. ලමයින්ට බඩගිනි නිසා හදලා දුන්නා රෑ කෑම.

 

අටට විතර ඇහුනා හෝන් සද්දේ. දිව්වා බලන්න. කවදාවත් නැති විදිහට. චොකලට් මල්ද හිත අහනවා.

 

දුන්නා පාර්සලයක්. දුවලා ගිහිල්ලා ඇරියා බලන්න. අනේ අහෝ මොන වැලන්ටය්න් වත් නැහැ. දවල් කෑම පෙට්ටිය ලස්සන කොලේක ඔතලා.

 

\’මොකක්ද අනේ මේ? ඇහුවා මම තරහෙන්.

 

හබියා තක්බීර් වෙලා බලන් හිටියා.

 

\’ඇයි හොද නැද්ද තැග්ග? ඇහුවා.

 

මොන තැග්ගද? දැන්නම් තරහා උතුරා යනවා.

 

අර අලුතෙන් ආව පිස්සා වෙන්න ඔනේ ඕක කරලා තියෙන්නේ, හබියා බැන ගෙන බැන ගෙන ගියා ඔෆිස් එකේ අලුත් බෝයිට

 

උගේ වැඩේ විහිලු කරන එකම ලු.

 

බලනකොට ඇත්ත තමයි. හබි මට ගේන්න ගත්තු චොකලට් එක උන් කාලා, දවල් ලන්ච් පෙට්ටිය චොකලට් ඔතපු කොලේ ඔතලා තියලා.

 

තැග්ග නොලැබුනත් අදහස වටිනවා කියලා හිත හදාගෙන දෙන්නම ගිහින් අය්ස් ක්රීම් කාලා ආවා.

 

එහෙම තමයි මගේ Valentine දිනය අවසන් වුනේ.

ඔයාලගේ ආදරවන්තයින් ගේ දිනය ගෙවුනේ කොහොමද? අපිට කියන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *