මවක් ලෙස වගකීම් රැසක් දරන ඔබට එදිනෙදා වැඩ කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකිවීමේදී stress ඇතිවේ. ගෙදර වැඩකටයුතු , දරුවන්ගේ වගකීම් මෙන්ම කාර්යාලයේ වැඩ කොටසද නිසිලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වන නිසා මෙම stress එක වැඩිවේ. කෙටි ක්‍රමවේදයන් හා එදිනෙදා වැඩ කටයුතු සදහා කාර්යක්ෂම ලෙස නව අදහස් එකතු කර ගැනීම තුලින් ඔබ නරක මවක් වන්නේ නැත.ඔබේ ආදරණීයයන් සමග කාලය ගත කිරීම අවම කරන, කාලය නාස්ති වෙන ගෙදර දොරේ වැඩ කටයුතු නිසි ක්‍රම මගින් කළමනාකරණය කරගන්න.එදිනෙදා කටයුතු වලට කෙටි ක්‍රම යොදාගන්න.
එදිනෙදා ආතතිය කළමනාකරණය කරගැනීම සදහා රැකියාවල නියුතු කාන්තාවන් ඔවුන්ගේ අදහස් අපි සමග බෙදාගත් ආකාරය බලමු.
මම පිරිසිදු කිරීමේදී නිවසේ කාර්යයන් දෛනික හෝ සතිපතා කාලසටහන් වලට බෙදා සංවිධානය කරගන්නවා. සති අන්තයේ සියල්ල කිරීමට උත්සාහ කරන ආතතිය(stress) අඩුවෙනවා. උදාහරණයක් ලෙස මම අඟහරුවාදා සහ සිකුරාදා රාත්‍රී දිනයන්වල රෙදි සේදීම සිදු කරනවා. ඒ වගේම සෙනසුරාදා උදෑසන වත්ත පිරිසිදු කිරීම යනාදිය කරනවා.
මම රැකියාවේ මෙන්ම නිවසේ දේවල් කළමනාකරණයෙන් වෙහෙසට පත් වූ විට, මම මගේ සේවායෝජකයාගෙන් නිවසේ සිට වැඩ කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඔවුන් මට එය ලබාදීමට විනාඩියක්වත් පසුබට වූයේ නැත. එය මට ලොකු ආශිර්වාදයක් විය.
මම මගේ ජීවිතය පහසු, වේගවත් සහ අඩුවෙන් stress පවත්වාගැනීම සඳහා බොහෝ ආකාරවලින් ඩිජිටල් තාක්ෂණය භාවිතා කරනවා. මම මගේ ජල හා විදුලි බිල්පත් ගෙවීම්, ළමයින්ගේ උපකාරක ගාස්තු ගෙවීම් මෙන්ම ගෘහස්ථ ගෙවීම් සදහා ඩිජිටල් බැංකු ගෙවීම් භාවිතා කරනවා. ඊට අමතරව, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු වලට සහයෝගයක් ලෙස ඩිජිටල් දින දර්ශනය භාවිතා කරනවා. එමගින් මගේ වැඩ පිරික්සුම් කිරීමට වගේම වැඩ කළමනාකරණය කර ගැනීමට පහසු කරනවා.
රාත්‍රී නින්දට යාමට පෙර, ඊලග දිනයට අවශ්‍ය ආහාර සකසා ගන්නවා.එවාගේම අවශ්‍ය බඩුබාහිරාදිය සතියකට වරක් ගෙනත් අසුරා තබා ගන්නවා.
මම මගේ දරුවන්ට පාලනය කළ තිර කාලය ලබා දෙනවා. සතියේ දිනවල අප සූදානම් වන තුරු උදෑසන තිර කාලය විනාඩි 10 ක් පමණි. ගෙදර TV නෑ. මේ වෙනුවට දවසේ ඕනෑම වේලාවක ඔවුන් කැමති සංගීතයකට සවන්දීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. මේ හැම දෙයක්ම ඔවුන් සමග කතාකර, එකගවී, ක්‍රියාත්මක කරනවා.
මම දරුවාගේ සෙල්ලම් බඩු කාණ්ඩවලට වෙන් කිරීමට දැල් බෑග් භාවිතා කරනවා, ඒ නිසා soft toys, dolls, musical instruments, kitchen toys වැනි සෙල්ලම් බඩු යනාදිය සඳහා වෙන වෙනම බෑග් තියෙනවා. මම වරකට බෑග් 2ක් හෝ 3ක් තබා ඉතිරි ඒවා වෙන්කර තබනවා. මේ ක්‍රමවේදය මගින් ඇයට තමන්ගේ සියලු සෙල්ලම් බඩු සමග විටින් විට සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබෙනවා. මට අස්කරන්නට සිදුවන්නේ සෙල්ලම් බඩු බෑග් 3ක් පමණක් නිසා වැඩකිරීමේදී stress අඩුයි. සෑම මාස 3-4 කට වරක්, ඇය වැඩිපුරම සෙල්ලම් කරන සෙල්ලම් බඩු සමඟ කම්මැලි වන බව දුටු විට, මම දරුවාට සෙල්ලම් කිරීමට නොදුන් බෑග් කට්ටලයක් එළියට රැගෙන ඇයට සෙල්ලම් කරන්න දෙනවා. එවිට ඇය ඇගේ සියලු සෙල්ලම් බඩු ගැන උනන්දු වෙනවා.
මම දින කිහිපයකට අවශ්‍ය මස් / මළු එක් දිනයකට අවශ්‍ය ප්‍රමාණය පමණක් වෙන වෙනම බහාලුම්වලට දමා ගන්නවා. එවිට මට අවශ්‍ය ප්‍රමණය පමණක් පහසුවෙන් රත්කරගත හැකිය.මෙයින් අදහස් කරන්නේ මට දිනපතා ආහාර පිසීම සඳහා කාලය ගත කිරීමට අවශ්‍ය නොවන බවයි. මම සතියකට හෝ දෙකකට සරිලන ලෙස පොල් ගාලා ශීතකරණයේ තියාගන්නවා. ඒ නිසා මට හැම විටම පහසුවෙන් ව්‍යංජන, රොටි හෝ සම්බෝලයක් සකස් කර ගත හැකිය
මම පුතාගේ ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දාන්න පටන් ගත්තේ එයාට මාසයක් වෙන්නත් කලින්. පුතාගේ ඇදුම් ඉක්මනින් අතින් සෝදා කුණු ඉවත්කර මෘදු විෂබීජ නාශකයක් සමග රෙදි සෝදන යන්ත්‍රයට දමනවා.
මම ගොඩක් වෙලාවට මාසෙටම ඇති වෙන්න බඩු ගන්නවා. එතකොට සතිපතා, මස්, මාළු වගේ දේවල් තමයි ගන්නේ. බඩු ලිස්ට් එකට අනුව බඩු ගන්න නිසා ලේසිවෙනවා වගේම මගේ පොඩි දුවත් එක්ක සති අන්තයේ ශොපින් යන එක විනෝදජනක අත්දැකීමක් වෙනවා.