අතේ ඇති මුදලට නත්තල සමරමු

දිනෙන් දින ඉහළ යන ජිවන පිරිවැය නිසා ඔබට ලැබෙන වැටුප නත්තල හොදින් සැමරීමට නොහැකි වෙන්නට පුළුවනි. නමුත් ඔබ මතක තබා ගත යුත්තේ නව අවුරුද්ද සඳහා ණය නොවී නත්තල සැමරීමයි.

how to celebrate christmas on a budget

අතේ ඇති මුදලට ෂොපින් කරමු
ඔබ නත්තල සඳහා අලුත් ඇදුම් පැළදුම් බඩු බාහිරාදිය මිලදීගැනීමට යාමේදී ඔබට උවමනා සියල්ල ලැයිස්තු ගත කරන්න. ඔබට තෑගි බෝග දෙන්නේ නම් ඒවා ලැයිස්තුවට අන්තර්ගත කරන්න.

දුටු දුටු දේ මිලට නොගන්න
ඔබ වෙළඳ පොළට ගිය පසු දුටු දුටු දේ මිළට ගැනීම නොකරන්න. ඔබගේ බඩු ලැයිස්තුවෙ ඇතුළත් බඩු පමණක් මිලදී ගැනීමට යොමුවන්න. එවිට ඔබට අනවශ්‍ය මුදල් නාස්තිය අවම කරගත හැක.

නත්තල් සැරසිලි නිවසේදී සදා ගන්න.
ඔබට දරුවන් සිටි නම් නිර්මාණශීලි ලෙස නව නිර්මාණ හෝ නත්තල සැරසිලි කිරීමට යොමුවන්න. එවිට දරුවන්ගේ නිර්මාණශීලි බව මෙන්ම ඔබගේ මුදල්ද ඉතිරිකර ගත හැක.

නත්තල් ආහාර පිලිබඳ සැලකිලිමත් වෙන්න
ඔබ ආහාර ගත යුත්තේ නත්තල් දින පමණක් නොවේ. ඔබගේ සියලු මුදල් නත්තල සඳහා වියදම් නොකර එය නිසිපරිදි කළමනාකරණය කරන්න. නත්තල සඳහා අඩු වියදමකින් සැදිය හැකි ආහාර පිලිබඳ සැලකිලිමත් වන්න.

මතක තබා ගන්න
ඔබ නිසි පරිදි කළමනාකරණය කරන්නේනම් ඔබ ලබන අවුරුද්ද සදහා කිසිදු ණයක් නොවී නිර්මාණශීලි ලෙස නත්තල සැමරිය හැක. සැබෑ නත්තල අතේ සලරබව හා ප්‍රීතිය ඇති තැන පමණි