ඔබේ තරුණ හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරීවන්නේ හොඳ කෙස් කලඹක් තිබීමයි.
අතිරේක ගන්න
අප වයසට යත්ම, ආහාර රුචිය අඩු වීමට නිසා හෝ තරුණ වයසේ ඇති කාර්ය බහුලත්වය අනුව ඇතැම් ආහාර අනුභව කිරීම අපහසු විය හැක. විටෙක ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ඔබට ලැබෙන බවක් පෙනෙන්නට තිබුණද, ඔබේ ආහාර වේලෙහි පෝෂණ හිඩැස් ඇතිවීමට ඉඩ තිබේ. තවද ආහාර වලින් කෙලින්ම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම හැකි නමුත්, විටක එය අසාර්ථක විය හැක. මෙහිදී හිසකෙස් වැඩීමට අවශ්‍ය බයෝටින් විටමින් අතිරේක ගැනීමෙන් ඔබේ ශරීරය හා හිසකෙස් නිරෝගීව තබා ගත හැකිය. :විටමින් සී,විටමින් ඊ,විටමින් බී 7,විටමින් බී 3ආදිය හිසකෙස් වර්ධනය හා ශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන වේ. හිසකෙස් ප්‍රෝටීන් වලින් සාදන බැවින් ඔබේ ආහාර වේලෙහි ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන බවටද ඔබ සහතික විය යුතුය.
නිතිපතා කොණ්ඩය අගිස් කපන්න
ඔබේ කොණ්ඩය කෙතරම් හොඳින් රැකබලා ගත්තද, එය වැඩි වන තරමට, ඔබට හානි කිරීමට වැඩි ඉඩක් ඇත. නිරෝගී පෙනුමක් පවත්වා ගැනීම සඳහා, සෑම සති 6 සිට 8 දක්වා අඟල් කාලක් පමණ කපා දමන්න.(පැලුණු හිසකෙස් )(ඔබ උත්සවයකට යන්නනේ නම් ඔබේ හිසකෙස් සිහින් වී ඇත්නම්, හිසකෙස්වල සම්පූර්ණ හිසකෙස් පෙනුම ලබා දිය හැකි කොණ්ඩා මෝස්තර පිළිබඳව සොයා බැලිය යුතුය.හොඳම ප්‍රතිඵල සඳහා ඔබේ මෝස්තර කොණ්ඩ ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.)
හොඳ කෙස් නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරන්න
ඔබ හොඳ නිෂ්පාදන කිහිපයක් සඳහා ආයෝජනය කළ යුතුය.මෙහිදී ඔබට ගැලපෙන නිෂ්පාදය පිලිබඳ ඔබේ කොණ්ඩා මෝස්තර ශිල්පියා සමග සාකච්ජා කරන්න.
ෂැම්පූ සහ කන්ඩිෂනර්
සජලනය හා මොයිස්චරයිසින් කරන නිෂ්පාදන පිරිසිදු කිරීම සඳහා යොදා ගන්න . පැරබීන්, සෝඩියම් ලෝරල් සහ ලෝරත් සල්ෆේට් සහ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල්(parabens, sodium laurel and laureth sulfate, and isopropyl alcohol)අඩංගු ඕනෑම දෙයකින් වළකින්න. කන්ඩිෂනර් මඟින් ඔබේ කොණ්ඩයට සජලනය වැඩි කරයි. හිරු කිරණ වලින් ආරක්ෂා වීමටද මේ මගින් හැකියාව ලැබේ
තෙල් ගැල්වීම
ස්නානය කිරීමට පෙර හෝ පසුව භාවිතා කරනු ලැබේ, විශේෂයෙන් ඔබේ කොණ්ඩයට ශාක සාර තෙල් ගැල්විමෙන් හිස කෙස් පෝෂණය කරයි එසේම හිසකෙස් දිලිසෙන බව සහ ශක්තිමත් බව ඇති වේ.
හිස මෘදු ලෙස පිරි මදින්න
ඕනෑවට වඩා හිස පිරිම දීම ඇත්තෙන්ම හානිකර විය හැකිය. නමුත් ඔබේ කොණ්ඩය කෙටි වුවද එ හොඳ පනාවක් මඟින් ඔබේ හිස්කබලේ සිට ඔබේ හිසකෙස් වලට සෙමෙන් පිරිමදින්න.මෙසේ කිරීම නිසා හිසකෙස් වර්ධනය සදහා හොද රුධිර ප්‍රවාහයක් ලැබේ
හිසකෙස් වියළන යන්ත්‍ර හාවිතයෙන් වළකින්න
ස්නානය කිරීමෙන් පසු කොණ්ඩය ස්වභාවිකව වියළීමට පුරුදුවන්න එසේම, කොණ්ඩා මෝස්තර සඳහා , ජෙල් සහ මූස් නිෂ්පාදන රාශියක ඇල්කොහොල් අඩංගු වන අතර එමඟින් ඔබේ හිසකෙස් වියළි හා අස්ථාවර විය හැකිය.
මානසික ආතතිය අඩුකරන්න
හිසකෙස් නැතිවීමට විශාල හේතුවක් වන්නේ ආතතියයි. භාවනා කිරීම, යෝගා කිරීම හෝ ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම වැනි දේ කිරීමෙන් ඔබේ ආතති මට්ටම හැකිතාක් අඩු කිරීමට උත්සාහ කරන්න.දිනකට මිනිත්තු 30 ක් වෙන් කර ඒ වෙනුවට සිහිය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ වඩාත් ප්‍රබෝධමත් බවක් දැනෙන අතර ඔබේ හිසකෙස් වැටීම අවම කරයි
ඔබේ වෛද්‍යවරයා හමුවන්න
ඔබ බරපතල හිසකෙස් වැටීමක් අත්විඳින්නේ නම්, හේතුව සොයා ගැනීමට ඔබ නියත වශයෙන්ම ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය. හිසකෙස් නැතිවීම සඳහා ප්‍රතිකාර ලබා දීමට පමණක් නොව, රක්තහීනතාවය, ප්‍රතිශක්තිකරණ ආබාධ හෝ ඇතැම් ඖෂධ වලට අතුරු ආබාධ වැනි වෛද්‍යමය හේතු තිබේදැයි සොයා බැලීමටද ඔවුන්ට හැකිය.