ඔබේ සිඟිත්තාගේ පෞරුෂය වර්ධනය කරන්නේ කෙසේද?

කුඩා කල සිට ඔබ ඔබේ දරුවාගේ පෞරුෂය වර්ධනය වන්නේ කෙසේදැයි ඔබ අවබෝධ කර ගත්තාද? ළදරු අවධියේදී ළමයාගේ තමා පිළිබද හැගීමක් නොමැත එම කාලයේදී ළදරුවා සිතන්නේ තමා මවගේ කොටසක් ලෙසය. එසේම ළදරු අවදියේදී ළදරුව තම මව හෝ රැක බලාගන්නා මතම යැපේන අතර පරිසරය සමග කිසිදු ගැටීමක් නැත මවගේ කටහඩ නොඇසෙන විට හෝ මවගේ උණුසුම නො ඇසෙන විට දරුවා හඩන්නේ එම නිසාය.මාස 18ක් හෝ 24ක් වන විට දරුවා කණ්ණාඩියෙන් තම රූපය බලා සිනාසීම විව්ධ ඉරියව් බැලීම පව්ඩර් හෝ ක්‍රීම් වර්ග ආලේප කිරීම මගින් තම අවබෝධ කර ගැනීම ආරම්භ කරයි.

දරුවාගේ පෞරුෂය වර්ධනය කරන මීලග අදියර නම් \”මම සුදුයි.\” \”මම ලස්සනයි.\” \”මම හොදයි.\” ආදී ලෙස පැවසීමයි. මෙහිදී දරුවා නිරතුරුවම ඇගයිමකට ලක්කල යුතුය මේ තුලින් දරුවාගේ උසස් චින්තනය ඇති වේ මෙහිදී ඇති විය හැකි තවත් ප්‍රතිඵලයක් නම් දරුවා තම මවගේ හෝ පවුලේ අයගේ සියල්ලන්ගේම ආදරය,රස ආහාර,රැකවරණය ආරක්ෂාව යන ආදිය සියල්ලම තමාට පමණක් හිමිවිය යුතු බවයි එසේම එහිදී උඩගුකම ද ඇති වේ මෙහිදී දරුවාගේ චින්තනය සිමාවේ මෙහිදී කල යුතුවන්නේ දරුවා තමාගේ වැඩ තමාට කර ගැනීමට අවස්ථාවක් ලබාදීමයි උදාහරණයක් ලෙස තමාගේ ඇදුම් තමාම ඇද ගැනීම සපත්තු දමාගැනීම කොණ්ඩය පීරා ගැනීම ආදිය කිරීම අවස්ථාව ලබා දිය යුතුය.

එසේම දරුවා ප්‍රශංසා කිරීම එසේම ළමයා දිරිමත් කිරීම උදාහරණයක් ලෙස දරුවා පරාජය වූ විට \” අද වැරදුනා ට මගේ පුතාට හෙට නම් හරියටම හරියාවි යන ලෙස පැවසිය යුතුය තවද වරදුන විට උසුළු විසුකළු නොකිරීමටද වග බලා ගත යුතුය 

මෙම ලිපියේ තවත් කොටසක් බලාපොරොත්තුවන්න.