මතකය හා නින්ද අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති අතර විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පාඩම් කිරීම ඉතා යෝග්‍ය බව මනෝ වෛද්‍යවරු පවසයි.
මින් අදහස් කරන්නේ පාඩම් කිරීමෙන් පසු නිදා ගැනීම නිසා ලැබෙන විවේකයේදී ස්මෘති ලාංජන තැන්පත් වීම සිදුවේ.
මේ අතරම රාත්‍රී කාලයේ අවට පරිසරයේ නිශ්චල වීම නිසාද පාඩම් කිරීමට හා මතක තබා ගැනීමට වඩා වැඩි ඉඩකඩක් ලැබේ
පාඩම් කර නිදා ගැනීමේදී පාඩම් කරනු ලැබූ දේවල් අවුල් වීමකින් තොරව හොදින් තැන්පත් වේ.
ඉගැනීමෙන් පසු විවේකය අවශ්‍ය වේ ඉඩනිමෙන් පසු වෙනත් වැඩක යෙදීම සුදුසු නැත
එවිට මතකය තැන් පත් වීමට බාධාවේ පාඩම් කිරීම අතරතුර ද විවේකය ලබා ගැනීම අවශ්‍ය වේ
එසේම පැය හතක් හෝ අටක් පාඩම් කිරීමේදී පයක පමණ දිගු විවේකයක් ලබා ගැනීමද කල යුතුය
වර්තමාන දියුණු පරිසර යේ පාඩම කිරීමට හෝ ඉගනීමට වෙලාවක් වෙන් කර ගැනීම අවශ්‍ය නොවේ
පුස්තකාලයේ පාසලේ හෝ නිවසේ පාඩම් කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරගැනීමට හැකිනම් ඕනෑම වෙලාවක් සුදුසු වේ .
එසේම පරිසර සාධක මත මෙන්ම පුද්ගලයාගේ මානසික සුදානම කැමැත්ත වෙහෙස විඩාව නිදිමත දරාගැනීම ආදිය වශයෙන් මානසික සුදානම්ද වැදගත් වේ
කෙසේ වෙතත් මනෝ විද්‍යාත්මක ලෙස පාඩම් කිරීම වඩාත් උචිත වන්නේ රාත්‍රී කාලයේ බව පවසයි