උපන් දේශයට මෙහෙවර කිරීම 

ශ්රී ලංකාවේ උපත ලත් පරාර්ථකාමි උමයාල් දෙස් විදෙස් රටවල සමාජ වෙනසක් සඳහා ක්රියා කරන්නීය.

කොළඹ උපත ලත් උමයාල් ඊස්වරන් හොකොං පිහිටි Rythm Foundation ආයතනයේ සභාපතිනියවේ.  QI සමුහයේ සමාජ ක්‍රියාකාරකම් අංශය වන Rythm Foundation එක්සත්  ජාතින්ගේ ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ලොව පුරා ආර්ථික වශයෙන් දුර්වල පවුල්වල  ළමයින් , තරුණ තරුණියන් , සහ කාන්තාවන්  බල ගන්වමින් බිම් මට්ටමෙන් සමාජය තුල වෙනසක් ඇති කරලීමට කටයුතු කරනු ලබේ.  උමයාල් 1990 වසරේ මැලේසියාවේ ව්‍යවසායකයෙක් වන විජේ ඊස්වරන් සමග විවාහ වී විදේශගත වුවද තම උපන් දේශය පිළිබඳ  සිතුවිලි ඇයගෙන් ඉවත් නොවීය.

ශ්රී ලංකාවේ ඔබගේ පසුබිම සහ එය ඔබතුල වටිනාකම් ඇති කරලීමට උපකාරී වුයේ කෙසේද?

මම කොළඹ හැදුනු කෙනෙක් . අපේ පවුල  සැමවිටම  සංස්කෘතික වටිනාකම් අගය කළා . ඒ වගේම ප්‍රජාව සමඟ සමීපව  සිටියා . මගේ පියා ඉහළ ගෞරවයට ලක්වූ ව්‍යාපාරිකයෙක් .අපගේ නිවසේ ඉදිරිපස දොර වසා තබන්නේ ඉතාමත් කලාතුරකින්. මගේ දෙමාපියන් තුල ප්‍රජාව කෙරෙහි පුදුම අනුකම්පාවක් තිබුනා. එවැනි පරිසරයක ජීවත්වුන  නිසා එම ගති ලක්ෂණ මගේ ජීවිතයටත් එකතු වෙන්න ඇති කියලා මම හිතනවා.

ඔබ ශ්රී ලංකාවට වැඩිපුර කැමැත්තක් දක්වන්නේ අයි?

මම  දශක 3කට වැඩි කාලයක සිට මැලේසියාවේ ජිවත් වෙනවා. තරුණ අවධියේ මා පෝෂණය කල මාතෘ භුමිය ශ්‍රී ලංකාවයි. මගේ සිහින සහ ඉලක්ක ඉටු කර ගැනීමට මා බල ගැන්වූ ශ්‍රී ලංකාව කෙරෙහි මාතුල විශාල ගෞරවයක් තිබෙනවා. එම ගෞරවය Rythm Foundation හරහා ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වල ජීවන තත්ත්වය නගා සිටුවීමට දායක වෙනවා.

ශ්රී ලංකාව තුල Rythm Foundation සමාජ ක්රියාකාරකම් සිදුකරන්නේ කෙසේද?

ශ්‍රී  ලංකාව තුල  අපගේ මුල්ම ව්‍යාපෘතිය ආරම්භ කලේ 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසුවය. මෙහිදී QI සමුහය මඟින් සැලකිය යුතු මුල්‍යාධාර සහ ස්වෙච්චා සේවාවන් ලබා දුන්නා.

මෑත කාලයේදී ආර්ථික වශයෙන් දුර්වල අඩු ආදායම්ලාභි  ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා ප්‍රාදේශීය හවුල්කරුවන් සමඟ එක්ව ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ  රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික වශයෙන් ඉතාමත් දිළිඳු  පවුල් සඳහා නිවාස ලබා දීම සඳහා LEADS සමඟ ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. සර්වෝදය  සමඟ යාපනයේ සහ කිලිනොච්චියේ     අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවන පරිදි  වෘත්තීය පාඨමාලා හරහා  පුහුණුව  ලබාදී ඔවුන්ව බල ගැන්වීම,  එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සිය ගණනකට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයන් සමාජගත කිරීම.

අපගේ සමස්ත ඉලක්කය වන්නේ මෙම ව්‍යාපෘති අවසන් වන විට ප්‍රජාවන්  ආර්ථික ස්වාධිනත්වය උදෙසා  දිගු කාලින  ලෙස බල ගැන්වීමයි.

Rythm Foundation  මගින් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතිවල  ශ්‍රී ලංකාවේ ඔබට දක්නට ලැබෙන  සාර්ථකත්වයන් මොනවාද?

අප සතුව බොහෝ සාර්ථක කතා තිබනවා.  මෑතකදී මහත් ආඩම්බරයක් ගෙන දෙන්නේ වල්ලිපුනම්හි තනිකඩ මවක් වන සිවකුමාරිගේ කතාවයි. යුධමය තත්ත්වය නිසා  දෙවරක්ම  තම නිවසින් අවතැන් වුනු ඇය දෛනික කුලී වැඩ කරමින් පවුල නඩත්තු කර ඇත. නමුත් දිනපතා  කුලී  වැඩ නොමැති නිසා  බොහෝ දින ගණන් කුසගින්නේ පේලි ඇත.

ශිවකුමාරි LEADS සමඟ අපගේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ අතර එහිදී පරිසර හිතකාමී ලෙස ගඩොල් නිපදවීම  පිළිබඳ පුහුණුවක් ලබා දී එම කර්මාන්ත ශාලාවේම   ස්ථාවර ආදායමක් ලැබෙන  රැකියාවක් කිරීමට ඇයට අවස්ථාව ලබා දුන්නා . මේ නිසා  තම පවුලේ එදිනෙදා වියදම් සහ  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහාය වීමට ඇයට හැකිවිය.  කිහිප වතාවක්ම අධ්‍යාපනය කඩාකප්පල් වූ ඇගේ වැඩිමහල් පුත්‍රයා පසුගියදා රාජ්‍ය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඉතා හොඳින් සමත් වී ඇත.

අපගේ දායකත්වය තුල මෙලෙස සාර්ථකත්වයට පත්වූ කතා ඇසෙන විට මට මහත් සතුටක් දැනෙන අතර අපි නිවැරදි මාර්ගයක ගමන් කරන බවද උමයාල් පවසා සිටියාය.

තම  උපන් රට කෙරෙහි මහත් හැඟීමක් ඇය තුල පවතියි. එය එසේ වුවද , උමයාල් ලෝකයේ වෙනත්  රටවල් වලද මෙවැනි  ආර්ථික  දුෂ්කරතා වලින් පෙලෙන  ප්‍රජාවන් නඟා සිටුවීමට දැඩි උනන්දුවක් දක්වයි.