Visa  Accelerator වැඩසටහන – 2024  

Visa Accelerator Program - 2024

ශ්‍රී  ලංකාවේ   Fintechs ආයතන සඳහා  අයදුම්පත් විවෘතවේ.

ගෙවීම් සහ වෙළෙඳ අංශ වල  ඇතිවිය හැකි අභියෝග විසඳීමට Fintechs ක්ෂේත්‍රයේ  startups ආයතන සඳහා VIsa Accelerator වැඩසටහන අයදුම්පත් කැඳවයි.

කොළඹ, ජනවාරි 29, 2024: ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම, ” Visa Accelerator” වැඩසටහනේ සිව්වන අදියර දියත් කිරීම  සඳහා  අයදුම්පත් කැඳවන  බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්‍රයේ  startups  ආයතන සඳහා  Visa සමාගමේ ගෙවීම්  කටයුතු පිලිබඳ විශේෂඥයින් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී එම ආයතනවල දැනුම  වර්ධනය කිරීම  මෙම වැඩසටහනේ අරමුණවේ. Visa Accelerator 2024 වැඩසටහන තුලින්  කෘත්‍රිම බුද්ධිය (AI), ගෝලීය මුදල් චලනය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා digital භාවිතය  සහ Embedded Finance වැනි නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Visa ශ්‍රී  ලංකා  සහ මාලදිවයින හි දේශීය කළමනාකරු අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, රටෙහි ඉදිරියට එන ගෙවීම් නවෝත්පාදනයන්ට Visa  Accelerator වැඩසටහන  හරහා  ඔවුන්ගේ විසඳුම් බලගැන්වීම සඳහා  ආරාධනා කිරීමට හැකිවීම පිළිබඳව  සතුටු වන බවයි.

Fintechs ක්ෂේත්‍රයේ startups ආයතන වල  විසඳුම් වැඩිදියුණු කිරීමට සහ පරීක්ෂා කිරීම සඳහා අපගේ විශේෂඥයන් සමඟ වැඩ කිරීමට  සුවිශේෂී අවස්ථාවක්  මෙම වැඩසටහන මඟින් අපි ලබා දෙන්නෙමු.  ධනාත්මක ගෙවීම් අත්දැකීම් හරහා බාධාවකින් තොරව, ආරක්ෂිත ලෙස මුදල් සංචලනය සක්‍රීය කිරීම මගින් ගෝලීය ගෙවීම් කටයුතු සඳහා නව විසදුම් හඳුන්වා දීම අපගේ අරමුණ වන බවද  ඇය පවසා සිටියාය”. වර්ධන  අදියරේ පවතින ආයතන සඳහා සකස් කර තිබෙන  මෙම වැඩසටහන මඟින් ව්‍යාපාර සංකල්පය සංවර්ධනය කිරීම, නිෂ්පාදන විසඳුම් සහ වේගවත් වාණිජකරණය සඳහා නව දොරටු විවෘත කර එමඟින් ඔවුන්  බලගන්වනු ලැබේ.   ආසියා පැසිෆික් කලාපය හරහා තෝරා ගන්නා ලද  ආයතන සඳහා  ගෙවීම් ක්ෂේත්‍රයේ ඇතිවන  අභියෝගවලට විසඳුම් ලබා දීමට හැකියාව ලබෙන  අතර Visa ආයතනයේ ශක්තිමත් ජාත්‍යන්තර පදනම් තුල තම සංකල්පය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට හැකිවනු ඇත . 

 Visa Accelerator වැඩසටහන 2024  සඳහා අයදුම්පත් 2024 ජනවාරි මස 8වන  දින විවෘත කල  අතර එය  2024 මාර්තු මස 8 වන දින අවසන් වනු ඇත. තෝරාගත් අයදුම්කරුවන් 2024 මැයි මස සිට නොවැම්බර් මස දක්වා මෙම වැඩසටහනේ නිරත විය යුතු  අතර එය ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන දිනයත් සමඟ අවසන් වනු ඇත. 2020 වසරේ  දියත් කල  Visa Accelerator වැඩසටහන starups ආයතන සඳහා පළපුරුදු උපදේශකයින්, අති නවීන තාක්‍ෂණය සහ ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර කිරීමට නොකඩවා  සහාය ලබා දී ඇත.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහත සඳහන් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.visa.com.sg/apaccelerator

Visa (NYSE: V) යනු රටවල් සහ ප්‍රදේශ 200කට වැඩි සංඛයාවක් හරහා පාරිගභෝගිකයින් , වෙළෙඳ ප්‍රජාව , මුල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන අතර සිදුවන ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා ගදන ගෝලීය ප්‍රමුඛතම ආයතනයකි.

අපගේ මෙහෙවර වනුයේ පුද්ගලයින්ට,ව්‍යාපාර වලට සහ ආර්ථිකයට දියණු විය හැකි වන පරිදී වඩාත් නව්‍ය , පහසු , විශ්වාසදායක සහ සුරක්ෂිත ගෙවුම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුලත් වන ආර්ථිකයක් නගා සිටුවීම සහ ප්‍රවේශය මුදල් සංචලනගේ අනාගත පදනම බව අපි විශ්වාස කරන්නෙමු.

වැඩි විස්තර සඳහා Visa.com

Leave a Comment

Your email address will not be published. Required fields are marked *