සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?

Vitiligo causes your skin to lose color or pigmentation.

කුමක්ද මේ සුදු කබර රෝගය ?

සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්‍රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගය සදහා බලපාන හේතු සාදක මොනවාද ?

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බවට විස්වාසයක පවතින අතර මෙය යම්කිසි විශ ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් ඇතිවන බලපෑමක් ලෙසද ගත හැක. මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති.

එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි.

තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය, ශරීරයේ හෝමෝන වල වෙනස්කම් වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත.

එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.

එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සති 2 -3 පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා ප්‍රතිකර්ම මොනවාද ?

මෙම රෝගය සදහා සම මත ආලේප කරන බෙහෙත්, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. වර්තමානයේ පයේෂණ මගින් දියුණු කරන ලද ඉන්දියානු ආයුර්වේද ඔෂධ මේ රෝගය සදහා භාවිතා කරයි.

මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ.

එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග, උෂ්ණ ආහාර පාන මේ සදහා නුසුදුසු වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ප්‍රතිකාර කළහොත් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *