ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනුවත් කිරීම වැදගත් කර්තව්‍යක්වේ.

සෑම දරුවෙකුටම  බියෙන් තොරව ආරක්ෂාකාරීව ජීවත්වීමට අයිතියක් ඇත. එබැවින් දරුවන්ගේ  ආරක්ෂාව ශක්තිමත් කිරීම  පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් වැදගත් කාර්යයකි. මේ සඳහා  ග්‍රාමීය ප්‍රදේශවල  ප්‍රජාව දැනුවත් කිරීමට සහ මග පෙන්වීම  සඳහා විවිධ ආයතන මඟින් නොයෙකුත්  වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවත් ළමා අපචාර පිළිබඳව දිනපතා වාර්තාවේ.

ජාතික ළමා ආරක්ෂණ ඒජන්සිය (NCPA) සඳහන් කරන  දත්ත වලට අනුව 2021 වසරේදී  කෲරත්වය, දරුවන් නොසලකා හැරීම  සහ  ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළුව  ළමා අපචාර 11,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ නිසා අඩු පහසුකම් සහිත  ප්‍රජාවගේ දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ක්‍රියා කිරීම ඉතා අත්‍යවශය කරුණක් බැවින් ඒ සඳහා ප්‍රමුඛතාවය දීම ඉතා  වැදගත්වේ.

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා  ශ්‍රී ලංකාවේ LEADS ආයතනය සහ Hong Kong හි  මූලස්ථානය පිහිටි   QI සමූහයේ සමාජ සත්කාර ආයතනය  වන RYTHM Foundation ආයතනය එකාබද්ධව   ව්‍යාපෘතියක් දියත් කර ඇති  අතර එමඟින්  ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ  ළමුන්හට  සිදුවන අවදානම්  තත්වයන් අවම කිරීමට  කටයුතු කරනු ලැබේ.

මෙම තිරසාර ප්‍රජා ව්‍යාපෘතිය මඟින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නවාතැන්, ජීවනෝපාය සහාය  සහ  දරිද්‍රතාවයෙන් මිදීමට  කුසලතා  පුහුණුව ලබා දෙන අතර දරුවන්හට සිදුවන අපයෝජන අවම කර ඔවුනට සමාජ රැකවරණය ලබා දීම  සහ  දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානම අවම කිරීමට දායකවේ.

මෙහි   එක් පියවරක් ලෙස  පන්ති  කාමරය තුල පවත්වනු ලබන  ක්‍රියාකාරකම් හැඳින්විය හැකිය. මෙහිදී  පුහුණු කරන ලද ගුරුවරුන් විසින් ආකර්ශනීය හා ක්‍රියාශීලී වැඩසටහන් ඉදිරිපත් කර ඕනෑම ආකාරයක සිදුවෙන්න යන අපයෝජනයකින් ඉක්මනින් පලා යාමට ළමුන්  දැනුවත් කරනු ලබේ.

කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ගුරු පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර LEADS විසින් ගුරුවරුන් සඳහා මෙවලම් කට්ටලයක් ලබා දෙනු ලැබේ.  සෑම දරුවෙකුගේම ආරක්ෂාව සඳහා  ඔවුනට පහසුවෙන් අවබෝධ කර ගැනීමට \’හොඳ ස්පර්ශ\’ සහ නරක \’ස්පර්ශ\’ දැක්වෙන පින්තූර (ෆ්ලෑෂ් කාඩ්පත් ) භාවිතා කරනු ලැබේ.  මෙම වැඩසටහන  දෙමාපියන්ගේ සහභාගීත්වයද ඇතුව සිදු කරන  අතර  කිසියම් අපයෝජනයක් අනාවරණය වුවහොත් එය නිවැරදි ආකාරයෙන් විසඳිය යුතු ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමක් ද සිදු කෙරේ.

මෙම පුහුණුවට සහභාගී වූ තරුණ ගුරුවරියක් වන රවීනා ඒ පිලිබඳ සිය අදහස්  තම පෙර පාසල් සිසුන් සමඟ බෙදා ගත්තේ මෙසේය.  “ළමා ආරක්ෂණ නීති ඇතුළුව  බොහෝ වැදගත් කරුණු මෙම පුහුණුව තුලින්  මම ඉගෙන ගත්තා.   මා ලබාගත් දැනුම සිසුන්ටත් , අනෙකුත් ගුරුවරුන්ට  සහ දෙමාපියන් අතරේද   බෙදා ගැනීම මගේ වගකීමක්  බව ඇය පවසා සිටියාය.\”

රවීනා මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කරන ලද මොඩියුල භාවිතයෙන් සහ  ලබාගත් අත්දැකීම් සහ  දැනුම උපයෝගී කර  ඇයගේ පෙර පාසලේ දරුවන්ට උගන්වමින්   සුවිශේෂී  ප්‍රතිපල ලබා ඇත.

වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට  සැමට අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ තිරසාර ප්‍රජා සංවර්ධනය සඳහා උපකාර කිරීමට RYTHM Foundation  සැමවිටම කැපවී සිටීයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ  දරුවන්හට සිදුවන  අවදානම තත්වයන් අවම කිරීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකාවේ උපත ලද RYTHM Foundation සභාපති  උමායාල් ඊස්වරන් මහත්මිය පවසා සිටියාය.  සෑම දරුවෙකුටම තෘප්තිමත් ජීවිතයක් සඳහා අයිතියක් ඇති අතර, ඔවුන් බියෙන් තොරව ජීවත් වීමටත් , ඉගෙනීමට සහ වර්ධනය වීමට   ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සපුරාලිය යුතුය. එබැවින්  දරුවන්ට ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ වඩා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේම වගකීමක් ලෙස  අපි දැඩි ලෙස විශ්වාස  කරන්නෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *